නිවින් පෝලි නැවතත් තමිල්නාඩුවට….???
Padavettu චිත්‍රපටයෙන් පසුව Nivin Paulyගේ ඊළඟ නිර්මාණය සඳහා දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක Ram සමඟ සාකච්ඡා පවත්වමින් සිටි බවට පසුගිය දවස් කිහිපයේම කේරළයෙන් ආරංචි වුණා. ඉතින් ඒ ආරංචි සැබෑවක් කරමින් Nivin Pauly සහ Ram අලුත් වැඩකට අත ගහන්න යන බව මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
Suresh Kamatchiගේ V House Productions නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය වන මෙහි සෙසු ප්‍රධාන චරිත ද්විත්වය සඳහා තෝරගෙන තිබෙන්නේ Anjali සහ Sooriවයි. මේ දිනවල, විකට නලුවෙකුගේ සිට චරිතාංග නලුවෙක් දක්වා සංක්‍රාන්තික කාල සීමාවක් ගෙවන Sooriගේ රංගන ජීවිතයේ remarkable වැඩක් විදිහට මේ චිත්‍රපටයත් හඳුන ගන්නට පුලුවන් වේවි කියල බොහෝ විචාරකයින් දැනටමත් පවසා තිබෙනවා. ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන Anjaliත් තමිල්නාඩු ප්‍රාන්ත සම්මානයෙන් පිදුම් ලබපු රංගන ශිල්පිනියක්. Angadi Theru, Engaeyum Eppothum, Rana Vikrama වැනි සිනමාපට ඇගේ කැපී පෙනෙන නිර්මාණ ලෙස හඳුන්වන්නට පුලුවන්.
මෙහි අධ්‍යක්ෂක Ram කියන්නේ කොලිවුඩයේ සිටින දක්ෂතම සිනමාකරුවන් අතරින් කෙනෙක් කියලා පැවසුවට වරදක් නැහැ. ඒ වගේම Ram එක පෙළට චිත්‍රපටි කරන කෙනෙකුත් නෙමෙයි. කාලයක් තිස්සේ ගොඩ නඟන තිර පිටපතට, හොඳින් වෙලාව අරගෙන සෙමෙන් ගුණාත්මක නිර්මාණයක් එළියට දාන කෙනෙක් විදිහටයි Ramව ප්‍රසිද්ධ. 2007 සිට 2021 දක්වා වන වසර 14ටම ඔහු අධ්‍යක්ෂණය කළේ චිත්‍රපට 04ක් විතරයි. හැබැයි ඒ චිත්‍රපට හතරම, සම්මාන පිට සම්මාන දිනාගත් නිර්මාණ වුණා. ඒවා විචාරක ප්‍රතිචාර වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් කිසි අඩුවක් නැතිව නොලැබුණු චිත්‍රපට වීම විශේෂත්වයක්.
ඔහුගේ නිර්මාණ ලැයිස්තුවට ලැබුණු සම්මාන අතුරින් කිහිපයක්…
Kattradhu Thamizh (2007)
Nominated, Vijay Award for Best Director
Nominated, Vijay Award for Best Story, Screenplay Writer
Nominated, Vijay Award for Best Find of the Year
Thanga Meengal (2013)
National Film Award for Best Feature Film in Tamil
National Film Award for Best Child Artist
National Film Award for Best Lyrics
Tamil Nadu State Film Award for Best Director
Pondicherry State Film Award for Best Film
Tamil Nadu State Film Award for Best Film
Vijay Award for Best Film
Taramani (2017)
Official Selection, 47th Rotterdam International Film Festival
Official Selection, 01st REAKTOR Indian Film Festival
Official Selection, Jaffna International Cinema Festival
Official Selection, 14th Chennai International Film Festival
Ananda Vikatan Cinema Awards 2017
– Winner, Best Dialogues
– Winner, Best Lyrics
– Winner, Best Child Artist
– Winner, Ananda Vikatan Cinema Award for Best Debut Actor
Peranbu (2019)
World Premiere at 47th International Film Festival Rotterdam
Asian Premiere at 21st Shanghai International Film Festival
Ananda Vikatan Cinema Award for Best Music Director
Ananda Vikatan Cinema Award for Best Film
බොහෝ කාලයක් තිස්සේ එකදිගටම පෙම්වතාගේ චරිතයෙන් දැකගන්න ලැබුණු Nivin Pauly මෑතක ඉඳන් එකිනෙකට වෙනස් Gangster type චරිත තෝරා ගැනීමත් සමඟ, බොහෝ රසිකයින් ඒ වෙනස ගැන දැක්වූයේ සතුටුදායක අදහසක්. Moothon චිත්‍රපටයෙන් නිවින් ගනිපු comeback එකත්, Thuramukham, Kanakam Kaamini Kalaham වැනි නිර්මාණවලට දැනටමත් ගොඩ නැඟිලා තියෙන hype එකත් නිසා ඔවුන් මේ සිනමාපටය ගැනත් බලන් ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්.
මෙහි සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Rajaගෙන්.
Written by Nisanka Weheraduwa