ප්‍රවීණ කැමරා ශිල්පී වාමදේවන් සමුගෙන යයි
ප්‍රවීණ සිනමා කැමරා ශිල්පියකු වන වාමදේවන් මහතා මෙලොවින් සමුගෙන යයි. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු, පෙබරවාරි 14 වැනිදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේදී මෙලෙස ජිවිතයෙන් සමුගෙන ගොස් තිබේ.
සිලෝන් ස්ටුඩියෝහි ආලෝකකරණ ශිල්පියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹි ඔහු, ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකට එම්.එස්.ආනන්දන්ගේ සහය කැමරා ශිල්පියා ලෙස සම්බන්ධ වීමෙන් සිනමා ගමන් අරඹා තිබේ. සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ අවසන් අදියරට ඔහු පළමු වරට ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස දායක වූ බව සඳහන් වේ.
සූර චෞරයා, අටවැනි පුදුමය, හොඳම වෙලාව, හොඳයි නරකයි, සූරයන්ගේත් සූරයා, ඔන්න මාමේ කෙල්ල පැනපි, ආදරෙයි මම ආදරෙයි ඇතුළු චිත්‍රපට 65කට පමණ කැමරාකරණයෙන් වාමදෙවන්ගේ දායකත්වය ලැබී ඇති බව පැවසේ.
දේහය පිලිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා එනම්, පෙබරවාරි 17 වැනිදා සිදුකෙරෙන බව නිවේදනය කොට තිබේ.
Written by Nisanka Weheraduwa