ප්‍රසන්නගේ නවතම සිනමා පටයේ වැඩ අවසන්
ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටය වූ ඔබ නැතිව ඔබ එක්ක හි සියලු වැඩ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.මෙම සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතය හොබවන්නේ අංජලී පටෙල් නමැති ඉන්දීය නවක නිළියකි.
ඇය ඩෙල්ලි ඉන් ඩේ සහ තෙළිඟු චිත්‍රපට ගණනාවක චරිත මැවූ අයකි. ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් මෙහි සෙසු චරිත මවති.
ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී, රාහුල් රෝයි සහ එච්. ඩී. ප්‍රේමසිරි මෙය නිෂ්පාදනය කොට තිබේ.කැමරාකරණයෙන් එම්.ඩී මහිනදපාලත්,සංස්කරණයෙන් ඒ.ශ්‍රීකර් ප්‍රසාදුත් මේ සඳහා දායක වී තිබේ.
Written by Cinema.lk A
