බන්දු නැවතත් අධ්‍යක්ෂණයට

Avatar Cinema.lk A | December 31, 2012 156 Views 0 Likes 0 Ratings

156 Views 0 Ratings Rate it

බන්දු සමරසිංහ කියන්නේ ලංකාවේ සිටින අති දක්ෂ විකට නළුවෙක්.නළුවෙක් විදියට විතරක් නෙවෙයි අධ්‍යක්ෂණයටද බන්දු තුළ හොඳ හැකියාවක් පවතිනවා.චිත්‍රපට ද්විත්වයක් අධ්‍යක්ෂණය කිරීම තුළින් ඔහු ඒ බව තම රසිකයන්ට ඔප්පු කර පෙන්නා අවසන්.මෙවර ඔහු තමන්ගේ තෙවැනි නිර්මාණයත් අධ්‍යක්ෂණය කර හමාරයි.මේ චිත්‍රපටය නමින් “පීටර් වන්“.මේ චිත්‍රපටයේ බන්දු සමඟ රොඩ්නි වර්ණකුල ප්‍රථම වරට රංගනයේ නිරත වනවා. එමෙන්ම පීටර් වන් සමඟ බන්දුගේ පුතු කුමර සමරසිංහ සහ දියණි රසෝඝා සමරසිංහ රිදී තිරයට හඳුන්වා දෙන්න බන්දු සුදානමින් සිටිනවා.

බන්දු වසර තුනකට පසු රංගනයට එන පීටර් වන් සඳහා සෙසු චරිත ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග, රංජිත් සිල්වා, ටිරෝන් මයිකල්, සුසිල් පෙරේරා, විපුල වන්නිආරච්චි, ශ්‍රී ලියනගේ, ඉන්දික ජයසිංහ, මිල්ටන් සෙබස්තියන්, බුද්ධිමා මධුශානි, ලෂිත ලක්මාල් සමඟ ජිප්සීස් නායක සුනිල් පෙරේරා (ආරාධිත) රංගනයේ යෙදෙයි.

ස්වර්ණ ෆිල්ම්ස්, අක්මාල් වික්‍රමනායක සම නිෂ්පාදකවරුන්ය.

Share

156 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.