Tin Tin (ටින් ටින්) චිත්‍රපටයේ 2 වන කොටස Hobbit (හොබිට්) අවසානයට පෙර
පසුගිය දා තිරගත වීම ඇරඹුනු හොබිට් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය තිරගත වීමට ප්‍රථම 2011 වසරේ දී තිරගත වීම ඇරඹුනු ටින් ටින් චිත්‍රපටයේ ( The Adventures of Tintin: The Secret of the Unicorn) දෙවන කොටස නිකුත් කිරීමට තමන් සූදානම් බව පීටර් ජැක්සන් (Peter Jackson) පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. 2011 දී නිකුත් වූ ටින් ටින් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ පීටර් ජැක්සන් නිකුත් වීමට නියමිත මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු භාර අරගෙන. මේ චිත්‍රපටයේ තිර පිටපත මේ වන විට Anthony Horowitz විසින් සකසමින් පවතින බවත්, හොබිට් 2 චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු අතරතුරේ දීම ටින් ටින් චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් පීටර් මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.
[box_light] ලොව වටා සිනමාව ගැන එසැනින් දැනගන්න අපගේ ෆේස්බුක් අඩවිය හා එක්වන්න[/box_light]
මේ චිත්‍රපටයේ කතා තේමාව සඳහා පීටර් ජැක්සන්ගේ කැමැත්ත The Black Island හෝ The Calculus Affair යන කාටූන් කතාවන් වුවත් Seven Crystal Balls සහ Prisoners of the Sun යන කාටූන් කතා වලටද නිර්මාපකයන් ගේ අවධානය යොමුව තිබෙනවා. දැනට නිෂ්චිතවම කතා තේමාවක් තීරණය කොට නැතත් ඉහත කතා 4න් එකක් මත පදනම් ව නව චිත්‍රපටය නිර්මාණය වනු ඇත.
තවමත් මේ චිත්‍රපටයේ නළු නිළියන් පිළිබඳ තොරතුරු ලැබී නැතත් සුපුරුදු ලෙසම කැප්ටන් හැඩොක්ගේ චරිතයට Andy Serkis ද නිර්භීත ටින් ටින් ගේ චරිතයට Jamie Bell ද සිය හඬ දායකත්වය සපයනු ඇති බව යි වාර්තා වන්නේ.
Written by Cinema.lk


