The Hobbit-ලොවම මවිත කරන්නට සුදානමින්
‘ලෝඞ් ඔෆ් ද රිං’ චිත‍්‍රපට පෙළ සාර්ථක වීමත් සමඟ ටෝල්කින් 1966 දී ලියූ ‘හොබිට්’ නමැති කෙටි කතාව ද චිත‍්‍රපට ති‍්‍රත්වයක් ලෙස මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. එයත් පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයක්. එම චිත‍්‍රපට ති‍්‍රත්වය ‘ද හොබිට්: අන්එක්ස්පෙක්ටඞ් ජර්නි’, (The Hobbit: An Unexpected Journey) ‘ද හොබිට්: ඩෙසොලේෂන් ඔෆ් සාමුග්’ (The Hobbit: The Desolation of Smaug) සහ ‘ද හොබිට්: දෙයා ඇන්ඞ් බෑක් අගේන්’ (The Hobbit: There And Back Again) යනුවෙන් නම් කර ඇති අතර එහි පළමු වන චිත‍්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ නොවැම්බර් 28 වැනිදා වෙලින්ටන්හි එම්බසි සිනමාහලේදී ප්‍රදර්ශනය කළා. එය ලෝක සිනමා ලෝලීන්ට දැක ගන්නට ලැබෙන්නේ දෙසැම්බර් 14 වැනිදා සිටයි
ඊට සමගාමීව දෙසැම්බර් 15වන දා පටන් SAVOY 3D සිනමා ශාලාවේදී මෙරට රසිකයන්ට දැක බලා ගන්න හැකිවෙනවා. එහි දෙවැනි හා තුන්වැනි චිත‍්‍රපට පිළිවෙළින් 2013 දිත් 2014 දිත් තිරගත වේවි. මෙම හොබිට් කතාවලට පාදක වන්නේ ‘ලෝඞ් ඔෆ් ද රිං’ කතා පෙළ සිදු වූ වකවානුවට පෙර කාලයට අයත්වූ සිදුවීම් සමුදායකි. එනම් ෆ්‍රෝඩෝ අතට පත්වන මායා මුදුව ෆ්‍රෝඩෝගේ මාමා බිල්බෝ බැගන්ස් අතට පත් වීම සහ ‘ලෝඞ් ඔෆ් ද රිං’ කතා පෙළේදී හමුවන ගෝලම් නමැති නපුරු සත්වයා (මොහුද කලක් හොබට්වරයකු ව සිටි අතර මායා මුදුව නිසා දැන් විකෘති සත්වයකු බවට පත් වී සිටිනවා.) මුදුව සොයමින් පැමිණීම සහ බිල්බෝ මුදුව සොරකම් කරගෙන යෑම ආදියයි. බිල්බෝ බැගන්ස්ගේ මිතුරු ගැන්ඩෙල්ෆ් ද මෙම චිත‍්‍රපටයේදී හමුවෙනවා.
Written by Cinema.lk A
