දින 3යි,කෝටි 46…

Avatar Cinema.lk A | December 14, 2012 141 Views 0 Likes 0 Ratings

141 Views 0 Ratings Rate it

ඉන්දියානු සිනමාවේ කිරුළු පලන් කාන් ලා අතරින් අමීර් කාන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.වෙනත් නළුවන් මෙන් රැල්ලට ගසා ගෙන නොයන මේ මහා නළුවා නිර්මාණ අතළොස්සක් පමණක් කර ඇති මුත් ඒ හැම එකක් පාහේ බොක්ස් ඔෆීස් වාර්තා අභිබවා යාමට සමත් කම් දැක්වුවා.මේ වසර තුළද ඔහුගේ සිනමා පටයක් වු තලාෂ් අන් සෙසු චිත‍්‍රපට පරදා ඉදිරියට පැමිණෙමින් සිටින්නේ ද ඒ බව නැවතත් පසක් කරමිනි.

ඔහුගේ තලාෂ් තිරගත වූයේ නොවැම්බර් 30 වැනි සිකුරාදා දිනයේයි. සිකුරාදා වැඩ කරන දිනයක් වුවත් එයට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිවිශිෂ්ටයි.ෂාරුක් ගේ ජබ් තක් හේ ජාන් සහ අජේ දේව්ගන්ගේ සන් ඔෆ් සර්දාර් සිනමා පටයන් දෙකටම තලාෂ් ප්‍රභල අභියෝගයක් වනු ඇති බවට බොහෝ දෙනා අනාවැකි පල කරනවා.

ඔහුගේ තලාෂ් තෙදිනකදී ඉන්දියානු රුපියල් කෝටි 46 ක් උපයා ඇති අතර ෂාරුක්ගේ ජබ් තක් හෛයි ජාන් දින විස්සකදී ඉන්දියානු රුපියල් කෝටි 103 ක් උපයා ඇත. අජේ දේව්ගන්ගේ සන් ඔෆ් සර්දාර් දින විස්සකදී ලබා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 90 කි. ජබ් තක් හෛයි ජාන් හා සන් ඔෆ් සර්දාර් තිරගත වූයේ දීවාලි නිවාඩුවේදීයි. කෙසේ වුවත් වැඩ කරන දිනයකදී තිරගත වී මුදල් ඉපයීම අතින් වැඩ පෙන්විය හැක්කේ අමීර් ඛාන් වැන්නකුට පමණමය.

Share

141 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.