Fight and Stunt Workshop-Coming Soon

Avatar Cinema.lk A | December 13, 2012 113 Views 0 Likes 0 Ratings

113 Views 0 Ratings Rate it

රංගන ශිල්පියෙක්,ශිල්පිණියක් විදියට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සිටින ඔබට වටිනා තිළිණයක් ලබා දෙන්නයි අපි මේ සුදානම් වෙන්නේ.ඔබගේ රංගන වෘත්තිය වඩා ඔපමට්ටම් කර ගැනීම සදහා,අප ඔබ වෙනුවෙන්ම ඉතා වටිනා,එමෙන්ම ජීවීතේ එක් වරක් පමණක් විදින්න පුළුවන් අවස්ථාවක් උදා කර දෙන්න සුදානම් වෙනවා.රංගනයට ඉතාමත් ආදරය කරන ඔබ වෙනුවෙන් අප වැඩමුළුවක් සංවිධානය කරනවා.මේ වැඩමුළුව රංග සටන් පිළිබඳ වැඩමුළුවක්.ඒ කියන්නේ රංගනයේ දී සිදුකරන්න වෙන ත්‍රාසජනක ක්‍රියා පුරුදු පුහුණු කරන වැඩමුළුවක්.මේ වැඩමුළුව සම්පුර්ණයෙන් පාහේ අධීක්ෂණය කර මෙහෙයවනු ලබන්නේ ඇඟේ මැඩිල්ල රණ පිලේ සටන් ආචාර්ය අජන්ත මහන්තාරච්චි ගුරුන්නාසේ විසින්.මේ වැඩමුළුව සම්පුර්ණයෙන්ම සිඳු කරනු ලබන්නේ දේශීය සටන් ක්‍රම යොදා ගෙනයි.ඒ කියන්නේ අංගම්…..

ඓතිහාසික සීගිරිය භුමියේදී සිදු කරන මේ වැඩමුළුව යෝග භාවනා,දේශිය ව්‍යයාම් ක්‍රමයන්,පිහිනීම,කඩු හරබ,චිත්‍රපට සටන් ප්‍රයෝගයන් වැනි දෙයින් සමන්විතයි.ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට අදාළ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයද සිදු වන මෙහි වැඩිදුර තොරතුරු අපි ඔබට පසුව දැනුම් දෙන්නම්.එතෙක් අප සමඟ රැදී සිටින්න.

 

Share

113 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.