ඉම්රාන්ට තම හඬ අහිමි වේ

Avatar Cinema.lk A | December 13, 2012 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

තමන්ගේ රංගනයන් ඉතාමත් උසස් අයුරින් සිදු කර ගැනීමට රංගන ශිල්පීන් ගන්නා වෑයම සුළු පටු නොවේ.සාර්ථක රංගනයන් උදෙසා ඔවුන් අතිමහත් කැපකිරීමක් සිදුකරයි.ඒ කැප කිරීම කොතෙක්ද කියනවනම් දර්ශන තලයන් හී සිදුවන අනතුරු ඊට කදිම උදාහරණයන් වේ.මේ අනතුරු නිසා සුප්‍රසිද්ධ නළුවන් දෙපලක් වු ශාරුක් කාන් හා අමිතාබ් බච්චන් වැන්නවුන් සදාකාලික රෝගීන් බවට පත් වී ඇත.මේ ලැයිස්තුවට මැතකදී එක් වු අලුත් ම සාමාජිකයා තමයි ඉම්රාන් භෂ්මි. ඔහුට රාජ්කුමාර් ගුප්තාගේ ‘සන්චක්කර්’ හී රඟමින් හඬ කවමින් සිටියදී කට හඬ අහිමි ඇත.

දැන් ඔහුට වචනයක් හෝ කතා කිරීමට නොහැකිය. වෛද්‍යවරුන් සදහන් කරන විදියට ඉම්රාන්ට කට හඩ ලැබීමට යම් කාලයක් ගත වනු ඇත

කට හඬ අහිමි වී තිබියදීත් ඔහු තමන් සැබෑ රංගන ශිල්පියකු බව ඔප්පු කරමින් කරන් ජොහාර්ගේ ‘උන්ග් ලී’ සිනමාපටයේ මේ දිනවල රඟන්නේය.සංජේ දත් සමඟ ඔහු උස් හඬින් දෙබස් කීමට ගන්නා වෑයම දකින කොයි කාගේත් නෙත් කඳුළින් තෙත් වී තිබේ.

Share

39 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.