One Day on Earth – හැම රටක්ම එකවිට එකම චිත්‍රපටයකට

Avatar Cinema.lk | December 12, 2012 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

2012.12.12 ගැන බොහෝ දෙනා කතා කරන දිනයක්. ඒ වගේම 2012.12.12 දින දහවල් 12.12 කියන්නෙ සිනමා ලෝලීන්ටත් විශේෂ වැදගත්කමත් තියෙන දිනයක්. ලොව වැඩිම පිරිසක් එකවර සහභාගී වෙමින් රූගත කෙරෙන One Day on Earth චිත්‍රපට මාලාවේ තෙවන්න රූගත කිරීම ආරම්භ කරන්නෙත් මේ මොහොතේ දීයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මේ අවස්ථාව සඳහා තවත් ස්වෙච්ඡා සංවිධාන 60ක පමණ දායකවය ලැබෙනු ඇත. ඊට අමතරව සිය දහස් ගණනක් පාසැල්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද මේ ලොව පුරා එකවර සිදුවන රූප ගත කිරීම සඳහා සහභාගී වේ.

දිනක් තුලදී ලොව පුරා සිදුවන බිලියන ගණනක් සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය සඳහා 30 000ක පමණ පිරිසක් සහභාගි වන අතර විවිධ කරණු කාරනා 100ක් පමණ නිරූපණය වන අයුරින් නිර්මාණය වේ.

එමෙන්ම One Day on Earth ට්විටර් අඩවියේ සඳහන් වන පරිදි දිනක් තුලදී ලොව පුරා පොත් 4,489ක් එළි දැක්වෙන අතර බිලියන 8ක් පමණ sms පණිවුඩ හුවමාරු වේ. එමෙන්ම සාමාන්‍යෙයන් දිනක් තුල පුද්ගලයෙක් පැය 1.1 ගමනාගමනය වෙනුවෙන් වැය කරන අතර 13, 741 පමණ විෂ වායු වර්ග දිනක් තුලදී වායුගෝලයට මුදා හැරේ.

MV5BMTM0NjIxMDY4MV5BMl5BanBnXkFtZTcwMzMxNjg3Nw@@._V1._SX640_SY922_

Share

65 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.