මේගන් ෆොක්ස් දැන් අම්ම කෙනෙක්

Avatar Cinema.lk A | December 24, 2012 104 Views 0 Likes 0 Ratings

104 Views 0 Ratings Rate it

මේගන් ෆොක්ස් කියන්නේ හොලිවුඩයේ සිටින රූමත් නිළියක්. Transformers චිත්‍රපට මාලාව හරහා ප්‍රේක්ෂක අවධානය දිනාගත් මේ රූමතිය කාගේත් කතා බහට ලක් වන චරිතයක් වුණා.පසුගිය වකවානුව තුළ ඇය මව් පදිවිය ලැබීමට සුදානමින් සිටියා.ඇය මෙසේ මවි පදිවියට සුදානම් වන අවධියේ පවා මාධ්‍ය ඇය ගැන ඉතා ඹ්නෑ කමකින් කතා කරන්න පටන්ගත්තා.ඇය මෙසේ මාධ්‍ය වෙත නිකුත් කළ ඡයාරූප ඇතැම් අයගේ දෝෂදර්ශනයට පවා ලක්වුණා.මෙසේ සෑම තොරතුරක්ම පාහේ කිසිම චකිතයකින් තොරව මාධ්‍ය වෙතට ලබාදුන් ඇය හිටි හැටියේම නිහඩවුයේ සැමදෙනාම මවිතයට පත් කරමින්.මෙලෙස ඇගේ හදිසි නිහඩතාවය නිසාවෙන් ඇගේ රසිකයන්ට ඇය ගැන කිසිම තොරතුරක් දැනගන්නට ලැබුණේ නෑ.කෙසේ වෙතත් ඇය අවසානයේ තමන්ගේ ෆේස් බුක් වෙබ් අඩවිය හරහා තමන්ගේ රසික රසිකාවියන්ට අලුත් ආරංචියක් ලබා දුන්නා.ඒ ඇය පුතෙකු බිහි කළ බව…..ඇය තමන්ගේ වෙබ් අඩවියේ මෙසේ සටහන් කර සිටියා.

“මේ දවස්වල මම ඉන්නේ වචනයෙන් කියන්න බැරි තරමේ සතුටකින්. අම්මා කෙනෙකුට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද කියලා මට දැන් තේරෙනවා. මට මීට කලින් මේ වගේ දරු සෙනෙහසක් දැනිලාම නැහැ. වෙන අය ඒ ගැන කතා කළාට මට එච්චර හැඟීමක් ඇතිවුණේ නැහැ. නමුත්, දැන් ඒ හැඟීම හොඳින්ම දැනෙනවා.

Share

104 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.