ජැකලින් 3ට බයවෙලා

Avatar Cinema.lk A | December 21, 2012 48 Views 0 Likes 0 Ratings

48 Views 0 Ratings Rate it

ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩයේ සිටින කාර්යබහුල නිළියක්.ඇයට ලැබෙන චිත්‍රපට ගණන දිනෙන් දින වැඩිවෙන නිසාවෙන් ඇය මෙලෙස කාර්යබහුල වී තිබෙනවා.මෙලෙස ඇයගේ කාර්යබහුලකම නිසා ඇයට මේ වන විට සුපිරි සිනමාපට කිහිපයක්ම ප්‍රතික්ෂේප කිරීමට සිදුව තිබෙනවා.ඇය මෙසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ ‘රාස් 3’ හා ‘ක්‍රිෂ් 3’ චිත්‍රපටයි.දිගින් දිගටම 3 ඉලක්කම සහිත චිත්‍රපට භාර නොගන්නේ ඇයට 3 අපල නිසාවෙන්වත් ද?හැබැයි මේ දේවල් හරියටම දන්නේ ඇයම තමයි.

ඒ කොහොම උනත් ඇය භාර නොගත් පෙර කී චිත්‍රපටයක රංගන කාර්ය පැවරුණේ කන්ගනා රනවුත් නම් තවත් බොලිවුඩයේ සුරුපිණියකට.මේ හේතුව නිසාවෙන් කන්ගනා හා ජැකී අතර සීතල යුද්ධයක් පවා පටන් අරන්.පසුගිය දවසක ව්‍යායාම් සිදුකරන ස්ථානයකදී කන්ගනා හා ජැකී මුණගැහී තිබෙනවා.මේ අවස්ථාවේ ජැකි කන්ගනාව මඟහැර ඇය නුදුටුවා සේ එතනින් පිටව ගොස් තිබෙනවා.සහෝදර නිළියන්ට මෙලෙස අහංකාරකම් දැමීම නිසාවෙන් ජැකීගේ මේ ක්‍රියා ඉන්දීය මාධ්‍යවල දෝෂදර්ශනයට පවා ලක්වෙලා.

 

 

Share

48 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.