සුමනාගේ අවසන් රැය
සුමනා ගෝමස් පසුගිය කාලයේ මහත් කතා බහට ලක් වු චරිතයක්.ඇය නැවතත් ලංකාවට පැමිණිම සමඟ ඇය මෙසේ කතා බහට ලක්වන චරිතයක් වුවා.ඇය මෙසේ සිය මව් රටට පැමිණ තිබුණේ වසර 11 කින්.එසේ දිගු කලකට පසුව පැමිණි ඇය මෙරට රැදී සිටියේ සති කිහිපයක් පමණි.තමන්ගේ ආදරණීය මව හා යහළුමිත්‍රාදින් සමඟ බොහෝ සතුටින් තමන්ගේ නිවාඩුව ගත කළ ඇය පසුගිය දා නැවතත් ඇමරිකාව බලා පිටත් වුණා.
ලංකාවෙන් පිටත් වීමට මත්තෙන් ඇය තමන්ගේ රංගන ජීවිතයේ සිටිය පරණ මිතුරන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් දෙන්න අමතක කලේ නැහැ. සුනිල් ටී. ප්‍රනාන්දුගේ පූර්ණ සංවිධානයෙන් යුතු වූ පැවැත්වු මෙම භෝජන සංග්‍රහය රාජගිරිය සවරින් හෝටලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.මෙම උත්සවය සඳහා සනත් ගුණතිලක,නදීකා ගුණසේකර,ශ්‍රියානි අමරසේන,ක්ලීටස් මෙන්ඩිස් වැනි ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් රැසක්ද සහභාගී වී සිටියා.
Written by Cinema.lk A
