ජීවිතය ලස්සනයි හෙට සිට එම්. පී. අයි මණ්ඩලයේ

Avatar Cinema.lk A | December 20, 2012 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

සිංහල සිනමාවට පනහකට අධික වු චිත්‍රපට ප්‍රමාණයක් දායාද කළ සුනිල් ටී ගේ අභිමානවත් පණස් තුන්වැනි සිනමා නිෂ්පාදනය ‘ජීවිතය ලස්සනයි’ මෙම මස 21 වැනිදා එනම් හෙට සිට රිකී, රිට්ස් ඇතුළු එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.මේ චිත්‍රපටය යොවුන් සිනමා අධ්‍යක්ෂක සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණයෙන් හැඩ වු වානිජ ධාරාවේ සිනමා පටයක් වේ.

රොබින් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, ඇන්ටන් ජූඩ්, විල්සන් ගුණරත්න, සහන් විජේසිංහ, ප්‍රේමදාස විතානගේ, වසන්ත කුමාරවිල, සුසිලා කෝට්ටගේ, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, චතුර පෙරේරා, විනෝජා නිලන්ති, කුසුම් පෙරේරා, කපිල සිගේරා, රුවන්ගි රත්නායක, මහේෂි මධුසංඛා, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගිකා, ඉමල්ශා මධුශානි ජීවිතය ලස්සනයි රංගනයෙන් හැඩ කරයි.

ගාමිණී මොරගොල්ලාගමගේ ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩ වු මෙම චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් සහ සංස්කරණයෙන් කුමාරසිරි ද සිල්වාද,කලා අධ්‍යක්ෂණයෙන් ලසන්ත ද අල්විස් ද, අංග රචනයෙන් සරත් රණවීර ද, සටන් අධ්‍යක්ෂණයෙන් ටිරෝන් මයිකල් ද, ඇඳුම් නිර්මාණයෙන් භානු කරුණානායක ද, සංගීත අධ්‍යක්ෂණයෙන් අසේල ඉන්ද්‍රලාල් ද දායක වේ.

නර්තන වින්‍යාස සංඛ අබේසිංහගෙනි.

Share

83 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.