කත්‍රිනාගේ නැටිල්ලට රුපියල් කෝටි 34ක්

Avatar Cinema.lk A | December 17, 2012 106 Views 0 Likes 0 Ratings

106 Views 0 Ratings Rate it

කත්‍රිනා කයිෆ් කියන්නේ රූප ශ්‍රියෙන් මුළු ලොවක් වසඟයට ගත් නිළියක්.අග්නිපත් චිත්‍රපටයේ “චින්කි චමේලී“ නම් ගීතමය ජවනිකාවට පෙනී සිටිමෙන් අනතුරුව ඇගේ රංගනය ගැන පමණක් උනන්දු වු පිරිස් ඇගේ නර්තනය ගැනත් කතාබහ කරන්න පටන්ගත්තා.ඇගේ මේ සරාගී නර්තනයෙන් අනතුරුව ඇයට නන් දෙසින් නර්තන ප්‍රසංග සඳහා ඇරයුම් ලැබුණා.සම්මාන රාත්‍රීන්,ක්‍රීඩා උත්සවයන්,ප්‍රිය සම්භාෂණ සඳහා ඇගේ මේ නර්තනය නැතුවම බැරි අංගයක් වුණා.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉන්දියානුවන් වැඩිම පිරිසක් නැරඹු U tube වීඩියෝවද වන්නේ කත්‍රිනාගේ චින්කි චමෙලියි.කෙසේ වෙතත් මේ දෙසැම්බර් 31 වෙනිදාට යෙදි තියෙන සංදර්ශන හතකින් ඇයට ලැබුණු ඇරයුම් ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා.පවුලේ අයත් සමඟ නත්තල් නිවාඩු සමය ගතකරන්න ඕන නිසාවෙන් තමයි ඇය එසේ එම සංදර්ශන ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.කොහොම උනත් මේ හින්දා ඇයට සිදු වුණු පාඩුව ඉන්දීය රුපියල් කෝටි 34 වන බවටයි පැවසෙන්නේ.

chikni_chameli_wallpaper_katrina_kaif_wallpaper_agneepath_wallpaper-2012 chikni_chameli_wallpaper_katrina_kaif_wallpaper_agneepath_wallpaper-latest chikni_chameli_wallpaper_katrina_kaif_wallpaper_agneepath-wallpaper chikni_chameli_wallpaper_katrina_kaif_wallpaper-agneepath_wallpaper chikni_chameli_wallpaper_katrina_kaif_wallpaper-agneepath-wallpaper chikni_chameli_wallpaper_katrina-kaif_wallpaper_agneepath_wallpaper Chikni-Chameli3 chikni_chameli_wallpaper_katrina_kaif_wallpaper_agneepath_wallpaper

 

Share

106 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.