කැපවීම කියන්නේ මෙන්න මේකට තමයි

Avatar Cinema.lk A | December 16, 2012 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

ලියනාඩෝ ඩි කැප්රියෝ යැයි නම කිවු සැනින් ඔහුව නොදන්නා කෙනෙක් නැති තරම්..සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටය හරහා ඉමහත් රසික ආදරයක් දිනා ගත් ලියනාඩෝ අද දක්වා සුපිරි නළුවන් ගොන්නේ ඉහළින්ම වැජඹෙන්නේ ඔහු සතුව පවතිනා ප්‍රතිභාපුර්ණ රංග කෞෂල්‍ය නිසාවෙනි.

තමන් චරිතයකට පණ පෙවීමට සුදානම් වන මොහොතේ පටන් ඒ චරිතය නිරූපණය කරන මොහොත දක්වා ඉතා කැපවීමකින් ඒ සඳහා දායක වීම ලියනාඩෝගේ සිරිතක්.ඔහුගේ මේ කැපවීමේ තරම කොතෙක්ද කියනවනම් ඔහුට මේ ළඟදී දවසක අපූරු දෙයක් සිදුවුනා.

Quentin Tarantino අධ්‍යක්ෂණය කරන Django Unchained චිත්‍රපටයේ ලියනාඩෝ පණ පොවන්නේ දුෂ්ටයකුගේ චරිතයකට.මෙම දර්ශනයේ දී ලියනාඩෝට නියමිතව තිබුණේ පළිඟු ආවරණයකින් යුතු මේසයකට දිගටම අතින් පහර දෙන්නටයි.රූ ගත කිරීම ඇරඹුණා.මේ දර්ශනයේ දී දිගින් දිගටම ඔහුට මේ මේසයට පහර දෙන්න සිදුවුණා.මේ පහර දීම අතරතුරේ දී මේසය බිදිලා එහි වීදුරු කැබැල්ලකට ලියනාඩෝ අත කැපුණා.ඒත් ඔහු නම් තමන්ගේ රංගනය නැවැත්තුවේ නෑ.දිගටම කරගෙන ගියා.

අවසානයේ මේ දර්ශන රූගත කරලා නිම වෙද්දී ලියනාඩෝ අත හොඳටම තුවාල වෙලා තිබුණා.නිෂ්පාදක වරුන්ට සිදුවුණා.ඔහුව රෝහල් ගත කරන්න.මේ හැම දේකටම පස්සේ ලියනාඩෝ නැවතත් රූ ගත කිරීම් වලට සහභාගී වුණා.හැබැයි ඒ වෙන කොට ඔහුගේ අතට මැහුම් හත අටක්ම දාලයි තිබුණේ.

Share

127 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.