බර්ටි ගුණසේකර දිවියෙන් සමුගනියි

Avatar Nisanka Weheraduwa | February 7, 2019 90 Views 0 Likes 0 Ratings

90 Views 0 Ratings Rate it

ප්‍රවීණ චායාරූප ශිල්පියකු, සිනමා තිර පිටපත් රචකයකු, සහය අධ්‍යක්ෂවරයකු සහ සිනමා මාධ්‍යවේදියකු වූ බර්ටි ගුණසේකර මහතා දිවියෙන් සමුගෙන තිබෙනවා. අද (පෙබරවාරි 7 වැනිදා) උදෑසන ඔහු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

සිනමාව උදෙසා විවිධ ක්ෂේත්‍රයන්ගෙන් දායක වූ ඔහු සිනමා තිර රචකයෙක් ලෙස “හන්තානේ කතාව” චිත්‍රපටයට සම්බන්ධ වුනා. විජය කුමාරතුංගයන්ගේ පෞද්ගලික චායාරූප ශිල්පියා වුයේද ඔහුයි. සිනමා සහය අධ්‍යක්ෂ වරයෙකු ලෙසද අත්දැකීම් සහිත ඔහු සිනමා මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කොට තිබෙනවා.

චායාරූප උපදේශක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු සිය දැනුම වත්මන් පරපුරට ලබාදෙන උපදේශකවරයකු ලෙසද කටයුතු කොට තිබෙනවා.

ඔහුගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදුකරන බව සඳහන්. ඒ අනුව හෙට එනම් පෙබරවාරි 08 වැනිදා උදෑසන දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතින් නිවේදනය කොට තිබෙනවා.

 

Share

90 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.