මලයාලම් සුපිරි තරුව Mohanlalගේ අලුත්ම චිත්‍රපටය.
Mohanlal කියන්නේ මලයාලම් සිනමාවේ එදා’මෙදා තුර වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් රංගන ශිල්පියා. ඒ වගේම වර්තමාන ඉන්දියානු සිනමාවේ සිටින විශිෂ්ටතම සිනමා තරු අතුරිනුත් කෙනෙක්. ඉතින් මෝහන්ලාල්ගේ චිත්‍රපටයක official announcement එක out වෙන තැන ඉඳන් ඒ චිත්‍රපටය වටේ හැදෙන ප්‍රේක්ෂකාගාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නව රැල්ලේ මලයාලමේ බලපෑමත් එක්ක ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නැහැ. Drishyam 02 තමයි මෑතකාලයේදී Mohanlalව දැකගන්න ලැබුණු අවසාන චිත්‍රපටය. මීට අමතරව ඉදිරියේදී නිකුත් වීමට නියමිත Marakkar, Arattu, RAM වැනි ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණනාවක් තිබුණත් කෝවිඩ් වසංගතය නිසා ඒවා කවදා තිරගත වෙයිද යන්න ගැටළුවක්.
නමුත් ඉන්දියාවේ කෝවිඩ් වසංගත තත්වය යම් තාක් දුරකට පාලනය වුණ නිසා නැවතත් චිත්‍රපට රූපගත කිරීම් ආදිය අරඹා තිබෙනවා. මෙවැනි පසුබිමක 12th man, Bro Daddy වැනි මෝහන්ලාල්ගේ අලුත් චිත්‍රපට කිහිපයකත් රූපගත කිරීම් ඇරඹුනා. ඒ අතර වන අලුත්ම සිනමා නිර්මාණය නම් කරලා තියන්නේ Mission Konkan නමින්. කොරෝනා වසංගතය නිසා සියලු නිර්මාණ නැවතීමත් සමග මේ ව්‍යාපෘතිය නැවතී ඇතැයි බොහෝ දෙනෙක් සිතු නමුත් දැන් නිෂ්පාදකයින් විසින්ම නැවතත් චිත්‍රපටය ගැන මාධ්‍ය දැනුම්වත් කොට තිබෙනවා. Mission Konkan කියන්නේ විශාල පිරිවැයක් යොදා හැදෙන චිත්‍රපටයක් වගේම උතුරු ඉන්දීය ප්‍රේක්ෂකාගාරයටත් වැඩි නැඹුරුවක් ලබා දෙන ද්වීභාෂික නිර්මාණයක්. මෝහන්ලාල් සමඟින් මෙහි සෙසු ප්‍රධාන චරිතයට ප්‍රධාන ධාරාවේ හින්දි රංගන ශිල්පියෙක්ව තෝරාගෙන තිබෙන බවත් පැවසුනා. ඒ අනුව ප්‍රසිද්ධ උතුරු ඉන්දීය රංගන ශිල්පී Randeep Hooda මේ චිත්‍රපටයට දායක වනු ඇති. මෑතකදී ඔහුව දකින්න ලැබුණේ Extraction සහ සල්මන් ඛාන්ගේ Radhe චිත්‍රපටයෙන්. දක්ෂ රංගන ශිල්පියෙකු වුණත් තරු දරුවන්ට යට වුණු බොලිවුඩය, රන්දීප්ගෙන් හරිහමන් වැඩක් ගත්තේ නැහැ කියලයි බොහෝ දෙනෙකුගේ අදහස. කොහොම නමුත් කාලයකට පසු හෝ Randeep Hooda දකුණු ඉන්දීය චිත්‍රපටයකට සම්බන්ධ වීම ඔහුගේම රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය හැකි බවටත් අනාවැකි පලවී තිබෙනවා. හින්දි සිනමාවේ එතරම් ස්ථාවරත්වයක් නොපෙන්වන Vivek Oberoi වැනි නළුවන් පවා මේ වෙනකොට දැවැන්ත දකුණු ඉන්දීය නිර්මාණවලට එකතු වෙලා ඉන්නවා.
රත්නගිරි, ගෝවා, දිල්ලි, කෝලිකෝඩ් වැනි රට පුරා විවිධ ස්ථානවල රූපගත කිරීම් සිදු කිරීමට නියමිත Mission Konkan අධ්‍යක්ෂණය කරන්නේ VA Shrikumar විසිනුයි. VA සහ Mohanlal සුසංයෝගයෙන් බිහි වන දෙවන චිත්‍රපටය වන මෙය නිෂ්පාදනයට සුපුරුදු පරිදිම Ashirwad Cinemas එකතු වනු ඇති බවටත් ඇතැම් ඉන්දීය මාධ්‍ය ඉඟි පළ කරනවා. VA සහ Mohanlal සුසංයෝගයෙන් නිර්මාණය වූ පළමු චිත්‍රපටය Odiyan, සිතූ තරම් සාර්ථක නිර්මාණයක් වූයේ නැහැ. මෝහන්ලාල්ගේ රසික ජනප්‍රියත්වය නිසා කෝටි 50කට අධික ආදායමක් ලැබුණත් විචාරක/ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් සෘණාත්මක තත්වයක තිබුනා. Odiyan තුළින් මතු කරපු Fantasy Thriller ගතියට බොහෝ දෙනෙක් අකැමැත්තක් දැක්වීම ඊට ප්‍රධානම හේතුවක් වුනා.
මෝහන්ලාල්ගේ Bro Daddy සිනමාපටයේ රූපගත කිරීම්වලින් කෙටි විරාමයකට පස්සේ මෙහි නිෂ්පාදන කටයුතුත් ඇරඹෙන බවට කේරළයෙන් ආරංචි වෙනවා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත මෝහන්ලාල්ගේ චිත්‍රපට ලැයිස්තුවට එකතු වුණු 09වන නිර්මාණය තමයි මේ…
Marakkar: Arabikadalinte Simham
Araattu
RAM
Barroz: Guardian of D’Gama’s Treasure
12th Man
Bro Daddy
L2: Empuraan
Mission Konkan
Untitled boxing movie with Dir. Priyadarshan
Written by Nisanka Weheraduwa