මාලිනී රංග න්‍යාය – තරංගනී සිනමාහලේදී
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ විශේෂිත නමක් හිමිකරගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක වන මාලනී ෆොන්සේකා ඇගයීම උදෙසා විශේෂ වැඩසටහනක් සංවිධාන කෙරෙයි. අගෝස්තු මස 8 වැනිදා උදේ 10.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වේ. “මාලනී රංග න්‍යාය” නමින් මෙම වැඩසටහන නම්කොට තිබේ. වැඩසටහනේ ප්‍රධාන දේශනය ප්‍රවීණ රංගන ශිල්පි සහ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි විසින් පැවැත්වීමට නියමිතය.
1947 වසරේ උපත ලැබූ වන්නිආරච්චිගේ මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා දේශීය සිනමාවේ “නිළි රැජිණ” ලෙස නම් ලැබීම දක්වා වූ කාලය සහ ඒ කාලය තුළ ඇය දැක්වූ ප්‍රතිභාව පිලිබඳ මෙහිදී සාකච්චාවට ගැනෙනු ඇත. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 1968 වසරේ තිරගත වුනු පුංචි බබා චිත්‍රපටයේ සිට මේ දක්වා ඇය රංගනයෙන් දායක වුනු බොහෝ චරිත ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී තිබෙන්නේ ඇගේ රංග ප්‍රතිභාව හේතුවෙනි.ඇගේ රංගනය පිලිබඳ මේ වැඩසටහනේදී කතාබහ කෙරෙනු ඇති.
Written by Nisanka Weheraduwa

