මාසික ඉරාන සිනමා දැක්ම දෙසැම්බරයේත්

Avatar Nisanka Weheraduwa | December 24, 2018 81 Views 0 Likes 0 Ratings

81 Views 0 Ratings Rate it

ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මාසික ඉරාන දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම පැවැත්වෙන මෙම සිනමා දැක්ම චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේතිරගත කෙරෙනවා. සිනමා දැක්මට අමතරව සිනමාපටය පිළිබඳව සංවාදයක්ද මේ වැඩසටහනට ඇතුළත්. සිනමා සංවාද මණ්ඩපය ධනුෂ්ක ගුණතිලක විසින් මෙහෙයවනවා.

දෙසැම්බර් මාසයෙත් සිනමා දැක්ම සංවිධාන කිරීමට ඉරාන සංස්කෘතික ආයතනය කටයුතු යොදා තිබෙනවා. දෙසැම්බර් මස 27 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30ට තරංගනී සිනමාහලේදී මෙම සිනමා දර්ශනය පැවැත්වෙනු ඇති. මෙවර Don’t be tired නම් ඉරාන සිනමාපටය තිරගත කෙරෙනවා. Afshin Hashemi සහ Mohsen Gharaie එක්ව අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය නැරඹීමට එක්වන ලෙස ඉරාන සංස්කෘතික ආයතනය සිනමා ලැදි සැමට ඇරියුම් කරනවා.

Share

81 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.