මුවා මැරූ සල්මන් සිපිරිගෙයට
හින්දි සිනමාවේ සුපිරි තරුවක් වන සලමන් ඛාන්ගේ ජීවිතයේ අසුබ කාලයක් උදාවී තිබෙනවා. ඔහුගේ පෙර වැරදි සඳහා දැන් දඬුවම් ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මීට වසර කිහිපයකට පෙර මුවෙක් පැහැරගෙන ඝාතනය කළ බවට එල්ලවූ චෝදනාව නිසා. ඒ ඉන්දියාවේ අතිශය දුර්ලභ, සංරක්ෂිත කාණ්ඩයට අයත් වන මුවන් වර්ගයකින් එකෙක් බව සඳහන්. එම සිදුවීම නිසා සල්මාන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා. එම සිද්ධියට චෝදනා ලැබූ සල්මාන් උසාවිය හමුවේ අද උදෑසන පෙනී සිට තිබෙනවා. එහිදී තීරණය වී තිබෙන්නේ වනජීවී ආරක්ෂණ පනතේ 51 වැනි වගන්තිය යටතේ අදාල චෝදනාවට සලමන්ට වසර පහක සිරදඩුවමක් සහ ඉන්දියානු රුපියල් 10,000ක දඩයක් නියම කිරීමටයි.
Written by Nisanka Weheraduwa