සල්මාන් සහ කත්‍රිනා ක්‍රියාදාම චිත්‍රපටයකින් දෙසැම්බරයේ ප්‍රේක්ෂකයින් හමුවට

Avatar Nisanka Weheraduwa | November 27, 2017 29 Views 0 Likes 0 Ratings

29 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමාව නිරන්තරයෙන් අලුත් වන ක්ෂේත්‍රයක්. වසරකට අලුත් නිර්මාණ විශාල ප්‍රමාණයක් මුදා හැරෙනවා. බොලිවුඩ් පුරයේ අලුත්ම සිනමාපටයක් දෙසැම්බර් මාසයේදී තිරගත වීමට සියල්ල සුදානම්. චිත්‍රපටය නම්කොට තිබෙන්නේ tiger Zinda Hai  ලෙසින්. මිට පෙර නිර්මාණය වුනු Ek Tha Tiger  චිත්‍රපටයේම දිගුවක් ලෙසින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙන්නේ Ali Abbas Zafar විසින්.  Ali Abbas සහ Neelesh Misra මෙහි තිර රචනය සිදුකොට තිබෙනවා. ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගනිතැයි විශ්වාසය පලකෙරෙන මේ සිනමාපටය ක්‍රියාදාම සිනමාපට කාණ්ඩයට අයත් වන්නක්. මේ චිත්‍රපටයට ප්‍රධාන භූමිකා රංගනයෙන් දායක වන්නේ සුපිරි බොලිවුඩ් නළු නිළි  යුවලක් වන Salman Khan සහ Katrina Kaif විසින්. ඒ නිසාම මේ චිත්‍රපටය ඉමහත් ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් වුනා. Sajjad Delfooz, Angad Bedi, Kumud Mishra, Nawab Shah සෙසු චරිත රංගනයට දායක වනවා. නොවැම්බර් 06 වැනිදා මේ චිත්‍රපටයේ පුර්ව  ප්‍රචාරක දැන්වීම ප්‍රචාරය කොට තිබුනා. පැය  24ක් ඇතුලත Youtube  හරහා මිලියන 29ක් ඉක්මවූ පිරිසක් මේ ප්‍රචාරක පටය නරඹා තිබුනා. මේ නිසාම ලෝකය පුරා  සිනමාපටය ඉමහත් ජනප්‍රියත්වයක් සමගින් තිරගත වනු ඇතැයි බලාපොරොත්තු තිබෙනවා.

Share

29 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.