සිනමාකරණය පිලිබඳ වැඩමුළුව – දැන්ම ලියාපදිංචි වන්න

Avatar Nisanka Weheraduwa | May 8, 2018 135 Views 0 Likes 1 On 1 Rating

135 Views 1 On 1 Rating Rate it

දෙරණ මාධ්‍ය ජාලය 6 වැනි වරටත් සංවිධාන කරන දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමිව තවත් විශේෂාංග කිහිපයක් ක්‍රියාත්මක වනවා. Cinema of tomorrow චිත්‍රපට උළෙල, සංගීතමය විශේෂාංගයක් මෙන්ම සිනමාකරණය සම්බන්ධ වැඩමුළුවක්ද මෙම වැඩසටහන් අතරට අයත් වනවා. සිනමාකරණ පිලිබඳ පැවැත්වෙන මෙම වැඩමුළුව Director & Cinema master classes ලෙස නම්කොට තිබෙනවා. සම්මානනීය සිනමාකරුවන් දෙපළක් වන විමුක්ති ජයසුන්දර සහ අසෝක හඳගම විසින් මෙය පැවැත්වීමට නියමිතයි.

මැයි මස 17 වැනි දින සවස 2.00 සිට 6.00 දක්වා කොළඹ 07, ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනයේදී මෙම වැඩමුළුව පැවැත්වෙනවා. මැයි 15 වැනිදා හෝ ඊට පෙර ලියාපදිංචි වන ලෙස සංවිධායකයින් දැනුම් දී තිබෙනවා. dfa2018@derana.lk යන විද්‍යුත් තැපෑල මගින් හෝ 0115 300 700 / 077 260 8420 යන දුරකථන අංක මගින් මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි විය හැකි බව සංවිධායකයින් දැනුම් දෙනවා. සිනමා නිර්මාණකරණය, අධ්‍යක්ෂණය පිලිබඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට මෙම වැඩමුළුවට සම්බන්ධ විය හැකියි. මුලින්ම ලියාපදිංචි වන පිරිසට අදාළ ආසනය වෙන් කරන හෙයින් ආසන අවසන් වීමට පෙර ලියාපදිංචිය සිදුකරගන්නා ලෙස ඔවුන් වැඩි දුරටත් දැනුම් දෙනවා.

32105132_1058275620977377_4517116787099172864_n

 

Share

135 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.