සුපිරි බොලිවුඩ් නළු Shashi Kapoor දිවියෙන් සමුගනියි
බොලිවුඩ් පුරයේ දශක හයකට අධික කාලයක් නළුවකු අධ්‍යක්ෂවරයකු, සහය අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකයකු වශයෙන් කටයුතු කළ ජනප්‍රිය රංගන ශිල්පී Shashi Kapoor දිවියෙන් සමුගෙන තිබෙනවා. නොවැම්බර් මස 4 වැනිදා මුම්බායේ කෝකිලබෙන් රෝහලේදී ඔහු මෙලෙස අවසන් හුස්ම හෙලු බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසා තිබුනා. Shashi Kapoor, 1938 කල්කටාවේදී උපත ලැබුවේ Prithiviraj kapoor නම් එවකට ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයාගේ තෙවැනි පුත්‍රයා ලෙසින්. 1948 වසරේ ඔහු සිය සිනමා දිවිය ආරම්භ කලේ ළමා නළුවකු ලෙස සිය පියාගේ සිනමා නිර්මාණයකට දායක වෙමින්. 1948 සහ 1951 වසර වල තිරගත වුනු Aag සහ Awaara සිනමාපට සඳහා ළමා නළුවකු ලෙස රංගනයෙන් දායක වීමෙන් Shashi Kapoor ජනප්‍රිය නළුවකු බවට පත්වුනා. එතැන් සිට බොලිවුඩ් සිනමාවේ බොහෝ සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් අධ්‍යක්ෂණයෙන් සහය අධ්‍යක්ෂණයෙන් දායක වීමට ඔහුට හැකියාව ලැබුනා. 1958 වසරේ jennifer Kendal සමග විවාහ වූ Shashi kapoor දරුවන් තිදෙනෙකුගේ පියෙක්. Kunal Kapoor, Karan Kapoor, Sanjana Kapoor ඔහුගේ දරුවන් වනවා. බොලිවුඩ් සිනමාවට විවිධ අංශ ඔස්සේ ලබාදුන් දායකත්වය උදෙසා විශාල වශයෙන් ඇගයීම් සඳහා හිමිකම් කියූ Shashi Kapoor, 2011 වසරේ පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. 2007 වසරේදී 55 වැනි Film Fair සම්මාන උළෙලේදී Life time achievement award, Shashi kapoor වෙත පිරිනමුනෙත් ඔහු සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීම සඳහාමයි. 2014 වසරේ Dadasaheb Phalke Awardද, Shashi kapoor වෙත පිරිනැමීමට කටයුතු කොට තිබුනා. මියයන විට 79 වැනි වියේ පසුවූ Shashi Kapoorගේ සමුගැනීම ලොව පුරා හින්දි සිනමා රසිකයින් කම්පනයට ලක් කිරීමට සමත්ව තිබෙනවා.
Written by Nisanka Weheraduwa











