හෙල ගී කෝකිලාවිය, ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු 31 වනදා

Avatar Kavinu Weerakkody | December 29, 2025 17 Views 0 Likes 0 Ratings

17 Views 0 Ratings Rate it

අභාවප්‍රාප්ත, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ දේහය පසුගිය 28 වනදා පස්වරු 3.30 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේදී මහජන ගෞරවය සදහා තැන්පත් කර තිබෙනවා.

ඇගේ අවසන් කටයුතු ‘පූර්ණ රාජ්‍ය අනුග්‍රහය’ සහිතව දෙසැම්බර් 31 වනදා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

දශක අටකට වැඩි කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායනයට සහ සංගීතයට අතිමහත් මෙහෙයක් කළ ඇය, චිත්‍රපට 600 කට අධික සංඛ්‍යාවකට ගායනයෙන් එක්වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 91 වැනි වියෙහි පසුවුණා.

දශක ගණනක්, මධුර ස්වරයෙන් රටක් පිනවූ…
කලාසූරී ලතා වල්පොල මහත්මියනි,
ඔබට සුබ ගමන්!!!

Share

17 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.