දැවෙන විහඟුන් යළිත් සීමිත දින ගණනකට

Avatar Nisanka Weheraduwa | July 10, 2019 193 Views 0 Likes 3 On 1 Rating

193 Views 3 On 1 Rating Rate it

7 වන දෙරණ සිනමා සම්මාන උළෙලේදී වසරේ හොඳම අධ්‍යක්ෂණයවසරේ හොඳම නිළීයවසරේ හොඳම සහාය නිළීයවසරේ හොඳම සහාය නළුවාවසරේ හොඳම වේෂ නිරූපණ ශිල්පියා ඇතුළු වැඩිම සම්මානයෙන් පිඳුම් ලැබු ලැබු සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ   දැවෙන විහඟුන්  චිත්‍රපටයේ Director’s Cut පිටපත ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් ජුලි 12 වැනි සිකුරාදා සිට සීමිත සිනමාහල් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

දැවෙන විහඟුන් චිත්‍රපටය රීගල්  කොළඹ (ප.ව.2.00) ,ලිඩෝ බොරැල්ල (දිනපතා ප.ව. 4.15 සහ සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන වල 4.15 සහ ප.ව 7.00), මෙන්ම සැවෝයි ප්‍රිමියර් වැල්වත්ත හෙවත් පැරණි රොක්සි සිනමාශාලාවේදි  (ප.ව.4.15) ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ. දැවෙන විහඟුන් චිත්‍රපටය පසුගියදා නිමාවු 9 වැනි සාක් සිනමා උළෙලේදී හොඳම නිළීය සහ හොඳම සංස්කරණය සඳහා සම්මානද දිනා ගැනීමට සමත්විය.

Share

193 Views 3 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.