වසර හයකට පසු ධනුෂ්-අනිරුද් සුංසයෝගය නැවතත්.
Dhanush කියන්නේ දමිළ සිනමාවෙන් බිහි වුණු වෙනස්ම අනන්‍යතාවයක් සහිත නළුවෙක්. ඒ වගේම ගායකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, පසුබිම් ගායකයෙක්, ගීත රචකයෙක් වගේ විවිධ අංශවලින් Dhanush වැඩ අපිට බලාගන්න පුලුවන්. ඔහුගේ රංගනය අවසන් වතාවට දැකගන්න ලැබුණේ පසුගියදා Netflix හරහා මුදා හැරුණු Jagame Thandhiram සිනමාපටයෙනුයි. ඊට අමතරව නිෂ්පාදන කටයුතු ආරම්භ වුණු ධනුෂ්ගේ තවත් සිනමාපට 03ක් පමණ නිකුත් වෙන්නත් තියෙනවා.
මේ අතරෙදි තමයි ඔහුගේ නවතම චිත්‍රපටයේ පූජා උත්සවය පසුගියදා පැවැත්වුණේ. Thiruchitrambalam යනුවෙන් නම් කරලා තිබෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Mitran Jawahar විසිනුයි. අධ්‍යක්ෂක Mitran සහ Dhanush එකට වැඩ කරන පළවෙනි අවස්ථාවත් මෙය නම් නොවෙයි. මීට පෙර තිරගත වුණු ධනුෂ්ගේ Yaaradi Nee Mohini, Kutty සහ Uthamaputhiran සිනමාපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කළෙත් මොහු විසින්මයි.
ධනුෂ් සමඟ මීට පෙර අවස්ථා කිහිපයකම නිර්මාණ කටයුතු කළ අධ්‍යක්ෂකවරයෙක් වන Mitran Jawaharගේ මේ නවමත සිනමාපටය ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන සිටියත් ඇතැම් රසිකයින්ට නම් මෙය සුබ ආරංචියක් නොවෙන පාටයි. මොකද Mitran Jawahar මීට පෙර නිර්මාණය කරපු හැම චිත්‍රපටයක්ම remake නිසා Dhanush සමඟ කරන මේ නිර්මාණයත් remake එකක් වේවි කියලා ඔවුන් සැක කරනවා. කාලයක පටන් ධනුෂ් Original Contentවලට වැඩ නැඹුරුතාවයක් දක්වපු නිසා ඔහුගේ pattern එකට මෙය බාධාවක් වෙයි කියලයි ඔවුන්ගේ මතය වෙන්නේ.
2008 – Yaaradi Nee Mohini
2010 – Kutty
2010 – Uthamaputhiran
2016 – Meendum Oru Kadhal Kadhai
නමුත් මේ චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් බවට දැනට කිසිම ආරංචියක් නැහැ. බොහෝ දුරට Jawaharගේ ස්වතන්ත්‍ර තිරපිටපතකට අනුව නිර්මාණය වේවි. නිෂ්පාදනයෙන් එකතු වෙන්නේ Sun Pictures ආයතනය නිසාත්, ඔවුන් චිත්‍රපටය වෙනුවෙන් දැවැන්ත පිරිවැයක් යට කරන්නට සූදානම් නිසාත් remake project එක්ක නොවෙන බවට තවදුරටත් තහවුරු කරගත හැකියි. ධනුෂ්ට අමතරව Bharathiraja සහ Prakash Raj විසින් කැපී පෙනෙන චරිත දෙකක් සඳහා ගිවිසුම්ගත වෙලා තිබෙනවා. බොහෝදුරට මේ ප්‍රතිවීර චරිත සඳහා විය හැකියි. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිත තුනට එකතු වෙන්නේ Nithya Menen, Priya Bhavani Shankar සහ Raashi Khannaයි. විශේෂතම කාරණාව තමයි මේ සිනමාපටය හරහා අලුත් වෙන ධනුෂ් සහ සංගීත අධ්‍යක්ෂක අනිරුද්ගේ සුසංයෝගය.
DnA කියන නමින් ප්‍රසිද්ධ මේ සුසංයෝගය අන්තිම වතාවට අපිට දැගන්න ලැබුණේ වසර 06කටත් කලින්. ඒ 2015දි තිරගත වුණු Thanga Magan දමිළ චිත්‍රපටයෙන්. එයින් පසුව ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වුණා කියලා තමයි තොරතුරු වාර්තා වුනෙ. කොහොම හරි වසර 06කට පස්සේ නැවතත් Thiruchitrambalam චිත්‍රපටයෙන් මේ Mass Collaboration එක දැකගන්න අපිට පුලුවන්කම ලැබේවි.

D44: Dhanush’s next with Mithran Jawahar launched
Written by Nisanka Weheraduwa