සැත්කමින් පසු ඇන්ජලීනා
ඇන්ජලිනා ජොලි නම් සුරූපී තාරකාවිය ගැන,පසුගිය දවස් වලදී අපට අහන්න ලැබුනේ තරමක අසුභ ආරංචි ගොන්නක්.පියයුරු පිළිකාවක් ඇති විමට ඇති ඉඩ කඩ වැඩි නිසා ඇයව පියයරු ඉවත් කිරිමේ ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවට,බටහිර මාධ්‍ය වාර්තා කරන්න පටන් ගත්තා.ඉන්පසුව ඇය යථා තත්ත්වයට පැමිණි ඇති බවට පුවත් පළ වුවත් ඇය කිසිම තැනක ප්‍රසිද්ධියේ පෙනි සිටිමෙන් වැළකි සිටියා.එනමුත් පසුගිය දවසක ඇය,බ්‍රැට් පිට් ප්‍රධාන චරිතය හොබවන සොම්බී ත්‍රිලර් කැටගරියට අයත් දැවැන්ත චිත්‍රපටයක් වු වර්ල්ඩ් වෝ z චිත්‍රපටයේ සමාරම්භක උළෙලට සහභාගී වුණා.ශල්‍යකර්මයෙන් පසු ඇන්ජී මෙලෙස ජනතාවට අතරට පැමිණියේ ප්‍රථම වතාවටයි
ලන්ඩනයේ පැවති එම සමාරම්භක උළෙලේදී ඇන්ජීට තම රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.මෙම උත්සව අවස්ථාවට සහභාගී වු ඇය තුළින් කිසිදු වෙනසක් දක්නට ලැබුණේ නෑ.වෙනදා මෙන් ඇය තුළ වු ප්‍රබෝධය ඒ මොහොතෙත් ඇය තුලින් දිස් වුණා.මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඇය මේ වන විට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
Written by Cinema.lk A











