බොලිවුඩ් තිරයෙන් එපිට ආදර කතා
කාජල් – අජේ දේව්ගන්
කාජල් සහ අජය අතර දැඩි ආදරයක් තිබෙන බව සමාජය තුළදී ඒ තරම් නොපෙන්නුවද බොලිවුඩ් සිනමාව තුළ සිටිනා අය සහ ඔවුන් ළගින් ඇසුරු කරන අය පවසන්න්නේ ඔවුන් ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් පවත්වා ගෙන යන බවයි. ඔවුන් ඉතාම හොඳ යහළුවන් ලෙස වසර කිහිපයක් සිටි බවත්, ඒ තුළ දී ඇති වු අවබෝධය විවාහය සඳහා ප්රමාණවත් වූ බවත් අජය පවසා ඇත්තේ ඒ තුළ කර්කෂ ආදර කතාවක් තිබුනේ දැයි නොදන්නා බව ද පවසමින්. ඔහු තවදුරටත් කියා ඇත්තේ ඔවුන් ඒ කාලය තුළ ඉතාම සතුටින් සහ නිදහසේ ගත කළ බවයි. ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ සතුට තවත් වැඩි කර ඇත්තේ දරුවන් දෙදෙනාය. මේ දෙමාපියන් දෙදෙනාම තම පවුල් ජීවිතය සඳහා මුල් තැනක් ලබා දෙයි.
සායිෆ් – කරීනා
මේ දිනවල බොලිවුඩයේ වැඩි කතා බහට ලක් වෙන පෙම්වතුන් යුවළ වන්නේ සාහිෆ් සහ සුරූපී කරීනා කපුර් දෙදෙනයි. එයට හේතුව වී ඇත්තේ ඔවුන් ලබන ඔක්තෝබරයේ විවාහ වෙන බව අනාවරණය කිරීමයි. දෙදෙනා හමුවී මෙන් පසුව ඉතාම ශක්තිමත් ආදර සබඳතාවයක් ගොඩනගා ගත් නිසාම සාහිෆ් ඔහුගේ කලින් බිරිද රෝසාගෙන් නිත්යානුකුලව වෙන් විය. මොවුන් දෙදෙනාගේ ආදරය පටන් ගෙන ඇත්තේ “ටෂාන්” චිත්රපටය නිර්මාණය කරන අතරවාරේ දීය. ඔවුන් මේ වන විට වඩාත් කතා බහට ලක් වෙන බොලිවුඩ් පෙම්වතුන් යුවළවී ඇත.
ආක්ෂේ කුමාර් – ටුවින්කල් ඛන්නා
මෙය හරියටම සුරංගනා කතාවක් වැනිය. රජීව් භාතියා, සැබෑ නමින් හඳුන්වන ආක්ෂේ කුමාර් මේ තත්ත්වයට පැමිණ ඇත්තේ බොහෝ දුෂ්කරතා මැදින්ය. ඔහුට මුල් වරට රඟපෑමට ලැබී ඇත්තේද ඉතා සුළු චරිතයන්ය. නමුත් බොලිවුඩයේ ඉතාමත් ජනප්රිය රාජේෂ් ඛන්නා සහ ඩිම්පල් කපාඩියා ගේ දියණිය වන සුරූපී ටුවින්කල් ඛන්නා වැනි උපතින්ම ධනවත් සහ ගෞරවනීය පවුලක දියණිය සමඟ ඔහුට විවාහ වෙන්නට ලැබීම මොනතරම් වාසනාවක්ද? පළමු හමුවීමෙන් ආදරයෙන් බැදී මේ දෙදෙනාගේ විවාහ ජීවිතයට දැන් වසර 12ක් ගත වී ඇත.
රිතික් – සුසෑන්
එය පළමු දැකීමෙන් ඇතිවූ ආදරයකි. මාර්ග සංඥා එළි දැල්වී ඇති මොහොතක සුරූපී සුසෑන් ඛාන් දුටු කඩවසම් රිතික් ඇයට ආදරය කරන්නට පටන් ගෙන ඇතත් ලජ්ජාශීලී පුද්ගලයකු වූ රිතික් එය ප්රකාශ කිරීමට මැලි වූ අතර පසුව රිතික්ට ඇයගේ ආදරය ලබා ගැනීමට හැකි විය. මේ වන විට විවාහ වී වසර 10 ක් ගෙවා ඇති මොවුන් දෙදෙනා පසුගිය කාලයේ දෙදෙනාගේ නම් ටැටූ ලෙස කොටාගනිමින් දෙදෙනා අතර ඇති ආදරය ලෝකයටම පෙන්වීමට සමත් විය.
ෂාරුක් – ගෞරි ඛාන්

බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් තමන්ගෙ ආදරය ගැන පවසන්නේ මෙහෙමයි. එක්තරා දවසක ඔහු නව දිල්ලියේ පාරක ගමන් කරමින් සිටින අතරතුරේදී කොට සායක් තුලින් සුරූපී, පැහැපත් දෙපා යුගලක් හදිසියේම දුටු බවත් එම සුන්දර දෙපා යුගලේ හිමිකාරිය දැකීමට පෙර සිටම ඔහු ඇයට හඳවතින්ම ආදරය කරන්නට පටන් ගත් බවත් පවසයි. බොලිවුඩ් චිත්රපටයක මෙන් දෙමාපියන්ගේ විරෝධය මෙම ආදර අන්දරයට හිමි වූයේ හින්දු තරුණියකට මුස්ලිම් තරුණයකු ආදරයෙන් බැදීම මතයි. තරුණ කාලයේ මෙසේ ආදරයෙන් බැදුනු මේ යුවල අද අතිශයින්ම ජනප්රිය බොලිවුඩ් යුවල වන ෂරුක් ඛාන් සහ ගෞරි ඛාන් වේ.
අභිශේක් – ඓයිෂ්වර්යයා
2000 වසරේදී ඔවුන් දෙදෙනා එකට රඟපෑ ඔවුන්ගේ පළමු චිත්රපටයේ පටන් ඔවුන් රිදී තිරයේදී කදිමට ගැලපෙන පෙම් යුවල විය. ඔවුන් තනිව හමුවී කාලය ගත කල ද ඔවුන් අතර තිබූ ආදරය ඉතා රහසිගත දෙයක් ලෙස තබා ගන්නා ලදි. ඔවුන්ගේ පවුලේ සාමජිකයන්ගේද ආශිර්වාදය ඇතිව ඇරඹුනු මෙම ආදර කතාව ඉතාමත් පාරම්පරික ආදර කතාවක් විය. ඔවුන්ගේ විවාහය පිළිබඳව ප්රකාශයට පත් වූ පසූ ඔවුන්ට එකිනෙකා දැකීමට ඉඩ ලබා නොදුන් අතර මේ වන විට ඔවුන්ගේ පවුලට ආරධ්යා නමින් නව සමාජිකාවක් එකතු වී ඇත.
c – beautiful-u.com
Written by Cinema.lk
