අනෝමාට ජාත්‍යන්තරයෙන් හරසර

Avatar Cinema.lk A | October 25, 2012 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

අනෝමා රාජකරුණා ලාංකේය වාර්තා චිත්‍රපට කරනයේ මහත් පෙරළියක් ඇති කළ සුවීශේෂී චරිතයක්.වාර්තා චිත්‍රපටකරණයට පමණක් නොව ඡායාරූපකරණයට ද ලේඛනයට ද අනෝමා සතුව පවතිනුයේ පුදුමාකාර හැකියාවක්.සිනමාවේ උන්නතිය වෙනුවෙන් නවක පරපුර උදෙසා අනුපමේය මෙහෙයක් ඉටුකරන ඇය ප්‍රංශ රජය මඟින් පිරිනමනු ලබන ඉහළම ජාත්‍යන්තර සම්මානයකින් පසුගිය දා පිදුම් ලැබුවා.චිත්‍රපටකරණය සහ ඡායාරූපකරණය භාවිත කරමින් කළ සේවය වෙනුවෙන් ඇය මෙලෙස ජාත්‍යන්තරයේ ඉහළම පිළිගැනීමට ලක් වු ප්‍රංශ ජාතික සම්මානයෙන් බුහුමන් ලැබුවා. මෙම සම්මානය මීට ප්‍රථම හිමි වූ එකම ලාංකිකයා වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාය.

අනෝමා මීට ප්‍රථම දකුණු ආසියානු හා යුරෝපීය රටවල් කිහිපයක මෙන්ම අමෙරිකාවෙන් ද සම්මාන ලබා ඇත.පානදුර බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ ඇය බොන්සොවාර් රූපවාහිනී වැඩසටහනේ ප්‍රධාන සංස්කාරකවරිය වේ. එමෙන්ම ඇය ජාත්‍යන්තර කාන්තා ගුවන් විදුලි හා රූපවාහිනී සමුළුවේද සාමාජිකාවකි. දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම්වරිය වන්නේ ද ඇයයි

 

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.