දයා අල්විස් අභාවප්‍රාප්ත වේ.

Avatar Cinema.lk A | April 27, 2015 93 Views 0 Likes 0 Ratings

93 Views 0 Ratings Rate it

මෙරට සිනමාවේ,වේදීකාවේ සහ පුංචි තිරයේ හුන් දැවැන්තයෙක් වු ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) උදෑසන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.දයා අල්විස් මහතා පහුගිය දා පිළියන්දලදී සිදුවු අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියේය.බෝඩිම, නිවටයා, අහසින් පොළවට වැනි ටෙලි නාට්‍ය මගින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඔහු මිය යන විට හැත්තැ දෙවන වියේ පසුවිය.

1944 වසරේ උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඔහු හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයේද, ධවල භීෂණ, මකරාක්ෂයා, සෙනෙහෙබර ඩොලී, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යවලද රඟපෑවේය.අනතුරුව සිනමා ක්ෂේත්‍රයටද පිවිසි දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි චිත්‍රපට තුළින් සිය රංගන කෞෂල්‍යය විදහා පෑවේය.

 

Share

93 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.