බැට් මෑන් අලුත් චිත්‍රපටයේ බැට් මෑන්ගේ කාරය

Avatar Cinema.lk A | April 22, 2015 265 Views 0 Likes 1 On 1 Rating

265 Views 1 On 1 Rating Rate it

ලොකු පොඩි කවුරුත් කොමික් කතා වලට පුදුමාකාර විදියට ආදරය කරනවා.සුපර් මෑන්ලට,ඇන්ට් මැන්ලට අපේ අය ආදරේ කරන්නේ ඇත්තටම ඒවා සැබැ චරිත ගොන්නට දාලයි.මේ සීසන් එකේ ඇන්ට් මැන්,ඒ වගේම ඇවෙන්ජර් අලුත් චිත්‍රපටය වැනි කොමික් චිත්‍රපට ආවත් 2016 එන්න තියෙන බැට්මෑන් වර්සස් සුපර් මෑන් ගැනයි වැඩිපුර කට්ටිය අවදානය යොමු කරන්නේ.හාත්පසින්ම වෙනස් දෙන්නෙක් එකම චිත්‍රපටයකින් දකින්න ගොඩාක් ප්‍රේක්ෂකයෝ ආසාවෙන් හිටියත් ට්‍රේලර් පටය දැක්කායි පසුව කට්ටියගේ රසය තවත් වැඩි වී ඇති පාටයි.මේ චිත්‍රපටයේ මුලින්ම එලියට ආපු පුර්වප්‍රචාරක පටයේ,මේ දෙන්නාගේ වලිය ඒ කියන්නේ දෙන්නගේ ෆයිට් එකට ලොකු තැනක් දීපු හින්දා දැන් කට්ටය දෙකටත් බෙදිලා.කට්ටියක් සුපර් මෑන්ගේ පැත්තේ තව කට්ටියක් වවුල් මිනිසාගේ පැත්තේ.බැට් මෑන්ට සප් එක දෙන අයට අලුත් ආරංචියක් දෙන්නම් කෝ.මේ සැරේ බැට් මෑන්ට පණ පොවන්නේ බෙන් ඇල්ෆෙක් නේ…බෙන් පදින…ඒ කියන අලුත් බැට් මෑන් පදින බැට් මොබයිල් එක පහුගිය දවසක රූපවාහිනි වැඩසටහනකින් පෙන්නලා තියෙනවා.ඒක ඇත්තටම සිත් ගන්නා සුළු වාහනයක්.අපි ඒ රූප රාමු හොයාගත්තා.බලන්න කෝ…

මේ තියෙන්නේ ට්‍රේලර් එක

Share

265 Views 1 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.