ලංකාවේ ප්‍රථම crowd funded චිත්‍රපටය අශෝක හඳගමගෙන්
අශෝක හඳගම ලංකික සිනමා රසිකයින්ට අමුත්තෙක් නොවේ. මතබේදාත්මක චිත්‍රපට කිහිපක්ම නිර්මාණය කරමින් ඔහු විසින් ලාංකික සිනමා ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය අති විශිෂ්ධයි. ඔහුගේ නවතම චිත්‍රපටය, සිය රසික රසිකාවියන්ගේම දායකත්වයෙන් නිර්මාණය කිරීමටයි මෙවර ඔහුගේ වෑයම. ඇමරිකානු ඩොලර් මිලියන $120 000ක් පමණ මුදලක් වැය වේ යැයි ගනන් බලා ඇති නව චිත්‍රපටය සඳහා $50 000ක මුදලක් crowdfunding හෙවත් සාමාන්‍ය ජනතාවගේ මුදල් දායකත්වයෙන් සිදු කිරීමටයි ඔහු බලාපොරොත්තු වන්නේ. ලොව පුරා විවිධ නිර්මාණ, ව්‍යාපෘති සඳහා crowdfunding ක්‍රමය භාවිත වුවත් තවමත් මේ ක්‍රමය ලංකාවට අලුත්. මේ ක්‍රමය ලොව පුරා තරුණ සිනමා අධ්‍යක්ෂකවරුන්ට සිය සිනමා සිහිනය සැබෑ කරගැනීමට මහඟු පිටිවහලක් වූ සේවාවකි. හඳගම මේ ව්‍යාපෘතිය crowdfunding හරහා සාර්ථක කරගැනීමට සමත් වූවොත් එය ලංකාවේ ප්‍රථම crowdfunding චිත්‍රපටය වනු ඇත.
මේ crowdfunding ක්‍රමය අත්හදා බැලූ ප්‍රථමයා වන හඳගමට සිය වෑයම සාර්ථක කරගැනීමට ඔබටත් දායක විය හැක. ඒ සඳහා පහත වෙබ් අඩවියට පිවිස $20ක අවමයකින් ඔබට දායක විය හැක. ඒ සඳහා විවිධ විශේෂ දීමනාද ඔබට හිමි වනු ඇත.
CRIMSO – Film by Handagama
Written by Cinema.lk
