සැමියාගේ චිත්‍රපටවලට මට කතා කළේ නැහැ – ගයත්‍රි ඩයස්
ගයත්‍රී ඩයස් කියන්නේ රංඟන ශිල්පිණියක් වගේම ඉතා හොඳ ව්‍යාපාරිකාවක්.තමන්ගේම කියලා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන ඇය මේ දිනවල පුංචි තිරයේ ටෙලි කතා කිහිපයකින්ම තම රසිකයා අතරට පැමිණෙනවා.ටෙලිනාට්‍ය බොහෝ ගණනක මේ වන විට ඇය රඟපා තිබුණත් එකම සිනමා පටයක පමණයි ඇය මේ වන විට රඟපාලා තියෙන්නේ.කාරණාව මෙහෙම වුනාට ගයත්‍රිගේ සැමියා චන්න නම් මේ වන විට සිනමා නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය කරපු මෙරට සිටින ප්‍රසිද්ධ නිර්මාණකරුවෙක්.ගයත්‍රී පසුගිය සති අන්ත පුවත් පතකට අදහස් දක්වමින් පවසා සිටියේ සැමියා ඔහුගේ කිසිදු සිනමා නිර්මාණයකට තමන්ට කතා නොකළ බවයි.
ඔබේ සැමියා (චන්න පෙරේරා) නිර්මාණය කළ චිත්‍රපටවලට ඔබට කතා කළේ නැත්ද? යන්න ඇගෙන් විමසා සිටි විට ඇය ලබා දී තිබුණේ මෙවැනි පිළිතුරකි.
“නැහැ කතා කළේ නැහැ. ඒ; මට ගැළපෙන චරිතයක් ඒ චිත්‍රපටවල නොතිබුණු නිසා වෙන්න ඇති.“
Written by Cinema.lk A









