ලංකාවේ හෝල් ඩිජිටල් වෙනකං 28 පෙන්වන්න බෑ – ප්‍රසන්න ජයකොඩි

Avatar Cinema.lk A | February 13, 2014 276 Views 0 Likes 0 Ratings

276 Views 0 Ratings Rate it

ප්‍රසන්න ජයකොඩි කියන්නේ මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ වෙනස්ම අනන්‍යතාවයක් ගොඩනඟා ගත් සිනමාකරුවෙක්.සංඛාරා හෝ වේවා කර්ම හෝ වේවා නිරතුරුවම ප්‍රසන්න වටා ඔහුට ලබැඳි ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටේ රොක් වී සිටියා.ප්‍රසන්න ඔවුන් වෙනුවෙන් මෙවර තිළිණ කලේ 28..

28 තුළින් ප්‍රසන්න කතා කරන්න හදන්නේ ලිංගිකත්වය ගැනයි.මියගිය කාන්තාවක් හා ඒ හා බැඳුණු පිරිමි චරිත ත්‍රිත්වයක් වටා දිවෙන මේ සිනමා සිතුවම පහුගිය දිනයක ජාත්‍යන්තරයේ පැසසුමට භාජනය වුවා.සම්මාන උළෙල රොටඩැම්..මේ සම්මාන උළෙලේ නිර්මාණ භාරගන්නා අවසන් දිනයට පසුව අයදුම් කළ මේ සිනමා පටය ගැන ප්‍රසන්න ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිට නැ.ඔහු ඒ සම්මාන උළෙල නියෝජනය කරන්න නෙදර්ලන්තයට ගියද සම්මාන ප්‍රදාන දිනයට කලින් මව්රට බලා පැමිණ තිබෙනවා.නමුත් ඔහු නොසිතු පරිදි මේ නිර්මාණය ඒ සම්මාන උළෙලේ ප්‍රේක්ෂක ඡන්දයෙන් හිමිවෙන නෙට්පැක් සම්මානය මේ සිනමා පටයට හිමිවෙලා.පසුව ඔහු දුරකතනයෙන් සංවිධායකයින් හා සම්බන්ධ වී සම්මාන උළෙල අමතා තියෙනවා.මේ සිනමා පටය ගැන වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

“මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් ලංකාවේ කරපු වැඩක්. ඒ වගේම තාක්ෂණය උපරිම ප්‍රයෝජනයට ගත් චිත්‍රපටයක්. අපේ පොසිටිව් නැහැ. ඒ නිසා ලංකාවේ හෝල් ඩිජිටල් වෙනකං 28 පෙන්වන්න බෑ“

28 පුර්ව ප්‍රචාරක පටය – a Film by Prasanna Jayakodi

8123456

Share

276 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.