කෝටී 100යේ සීමාව පසුකළ පළමු 18+ චිත්‍රපටය – ග්‍රැන්ඩ් මස්ති

Avatar Cinema.lk A | October 30, 2013 182 Views 0 Likes 0 Ratings

182 Views 0 Ratings Rate it

සිනමාව යනු ඉන්දියාවේ ප්‍රාණ වායුව හා සමාන දැවැන්ත කර්මාන්තයන්ගෙන් එකකි.එක් සතියක දී ඉන්දියාව තුළ තැණෙන චිත්‍රපට ගණන දිනෙන් දින ඉහළ යන්නේ මේ කර්මාන්තය ඒ තරමටම ධන උල්පතක් වී ඇති නිසාවෙන්මයි.ඕනෑම මල ජරාවක් සාදා එය ප්‍රදර්ශනය කීරිමට නිර්මාණකරුවන් දැන් දැන් උත්සහ ගන්නේ මෙම ක්ෂේත්‍රය තුළ තිබෙන දැඩි තරඟකාරිත්වය නිසාවෙන්මයි.මේ අයුරින් තැණුනු එක් සිනමා නිර්මාණයක් ඉන්දියාව තුල මේ වන විට බොක්ස් ඔෆීස් වාර්තා පවා බිඳ හෙලීමට සමත් වී තිබෙනවා.

මේ චිත්‍රපටය තමයි ග්‍රැන්ඩ් මස්ති…සෙක්ස් කොමඩි කැටගරියට අයත් මෙම චිත්‍රපටය මේ වන විට ඉන්දීයානු රුපියල් කෝටී සියයේ සීමාවද පසු කර තිබෙනවා.ඉන්දියානු සිනමා ඉතිහාසය තුළ වැඩිහිටි ලේබලයෙන් තැණුනු චිත්‍රපටයක් කෝටි සියයේ සීමාව පසුකළ ප්‍රථම අවස්ථාවද මෙය වේ.හුදෙක් බාල වර්ගයේ කොමඩි වලින් සහ අඩ නිරුවත් දර්ශන බොහෝමයකින් සැදී මෙම සිනමා පටය මෙලෙස වාර්තා අතරට එක් වීම එක්තරා විදියකින් පුදුමය දනවන කාරණයක්.

මෙම චිත්‍රපටය හරහා පිරිමින් තිරිසනුන් ලෙසද, කාන්තාවන් ඕනෑම මොහොතක රසාස්වාදය සඳහා භාවිත කළ හැකි සත්ත්ව කොට්ඨාසයක් බව යන අදහස සමාජයේ තවදුරටත් පැලපදියම් කර තිබේ. කාන්තාවක් මෙතරම් අවමානයට පත් කරන චිත්‍රපට දරාගත නොහැකි සේම නැරැඹීමට කිසිසේත් නුසුදුසු චිත්‍රපටයකි” යැයි කොයිමොයි වෙබ් අඩවියේ සිනමා විචාරක මොහර් බාසු සඳහන් කර ඇත. ඔහු තවදුරටත් ඇත්තේ වැඩිහිටියන්ට පමණයි යන ලේබලයේ පැමිණෙන නිල් චිත්‍රපටවල පවා ග්‍රෑන්ඩ් මස්ති චිත්‍රපටයට වඩා යහපත් කතාවක් ඇති බවයි.

ග්‍රෑන්ඩ් මස්ති චිත්‍රපටය සුවිසල් පයෝධර, කෙටි යට කලිසම් හෝ ඊට වඩා අඩු ඇඳුම්, කුණුහරුප සහ දෙපිට කැපෙන කතා සහ ඍජුව සහ ඍජුව පෙන්විය නොහැකි කමෝද්දීපන දර්ශන පමණක් අඩංගු මේ චිත්‍රපටයේ ගත යුතු කිසිම දෙයක් නැහැ” යැයි පවසන්නේ රෙඩිෆ් වෙබ් අඩවියට ලිපියක් සපයන අබි ෂේක් මන්ඩේය.
සෙක්ස් කොමඩි ගණයේ ලා පැමිණි ග්‍රෑන්ඩ් මස්ති චිත්‍රපටය නැරැඹීමට නුසුදුසු බවට පන්ජාබ් සහ හයර්යානා ශ්‍රේෂ්ඨාධිකරණ වාරණ නියෝග පැනවූවත් ඒවා නිදහස් කරගෙන ප්‍රදර්ශනය කිරීමට එහි නිෂ්පාදකයෝ සමත් වූහ.

Share

182 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.