සියදිවි නසාගත් ජියාගේ මරණය මිනීමැරුමක්
සුපිරි බොලිවුඩ් නිළි ජියා ඛාන් (Jiah Khan) ගේ මරණය, පසුගිය දිනවල බොලිවුඩයෙන් අසන්නට ලැබුනු ශෝකජනක පුවතක් වුනා. මුම්බායි සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගිය ඇයගේ මරණය පිළිබඳව විවිධ මත පළවුවත් ඇගේ මව පවසූවේ මෙම මරණය මිනීමැරුමක් බවයි. මෙතක් කල් නොවිසඳී තිබූ මෙම ගැටළුව මේවන විට විසඳී ඇත. නීති උපදේශක දිනේෂ් තිවාරි විසින් පළ කරන ලද ලිපියකින් සනාථ කර සිටින්නේ ජියාගේ මරණය මිනීමැරුමක් බවයි.
ජායාරූප සහ වෛද්‍ය විශේඥ්‍යවරුන් විසින් නිකුත් කරන ලද වාර්තා විශ්ලේෂණයෙන් ලද තොරතුරු මත පදනම්ව මෙම තීරණයට එළඹ ඇති අතර අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනයට අනුව ඇය විදුලිපංකාවේ එල්ලී සිටි පටිය යොදාගනිමින් ඇයගේ ගෙල සිරකර මරා දමා පසුව විදුලිපංකාවේ එල්ලා මෙම මිනීමැරුම සියදිවි හානිකරගැනීමක් ලෙස පෙනෙන අයුරින් සකසා ඇත.
රාම් ගෝපාල් වර්මාගේ නිශාබ්ද් (Nishabd) චිත්‍රපටයේ අම්තාබ් බච්චන් සමඟ රංඟනයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ජියා, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දක්ෂතම නවක නිළිය ලෙසද පිදුම් ලැබීය.
අනතුරුව අමීර් කාන් රංඟනයෙන් දායක වූ ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ඇය එක්වූ අතර 2010 වසරේ තිරගත වූ හවුස් ෆුල් (House Full) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමට ඇය සමත් වී ඇත.
සිය මරණයට පෙර ඇය විසින් ලියා තබන ලද ලිපිය
පහතින් දැක්වෙන්නේ ජියාගේ මව විසින් සිය ට්විටර් වෙබ් අඩවියේ පළකර ඇති ජියාගේ මෘත දේහයේ ජායාරූප කිහිපයකි.
You can fool people but not God look at her expression and injuries pic.twitter.com/78S9M5yltL
— RABBIYA KHAN (@RABYAK) October 4, 2013
I love you baby you are my strength my love your sisters miss you pic.twitter.com/mLv81N8XcE
— RABBIYA KHAN (@RABYAK) October 4, 2013
For a mother to see her baby warped up this way is beyond words pic.twitter.com/QDTV7pSqmr
— RABBIYA KHAN (@RABYAK) October 4, 2013
Written by Cinema.lk