[VIDEO] ඩුබායි හීදි ජස්ටින්ට ප්‍රහාරයක් – Justin Bieber Attacked
ජස්ටින් බීබර් කියන්නේ ලොව පුර අති විශාල රසික පිරිසකගේ ජනාදරයට පත් වූ යොවුන් තරුවක්. තම ගායන කුසලතාව නිසා කුඩා කාලයේදීම ජනප්‍රිය බවේ හිණිපෙත්තටම නඟින්නට සමත් වූ මේ කොලු ගැටයාට රසිකයින්ගෙන් කෙණෙහිලිකම් වලට ද මුහුනු දෙන්නට සිදුවුණු අවස්ථා නැතුවාම නොවේ.
රසිකාවියන්ගේ හිත් තුල ජස්ටින් බීබර් කෙරෙහි ඇති උන්මාදයත් ඒ නිසාම තරුණයින්ගේ හිත් තුල ඇති ඊර්ෂ්‍යාවත් ඊට ආසන්නතම හේතුව විය හැක. නමුත් මෙවර ජස්ටින් බීබර්ට මුහුණ දීමට සිදුවී ඇත්තේ සුළු පටු දෙයකට නොෙව්.
පසුගිය දා ඩුබායි හි දී පැවති සංගීත සංදර්ශණයක් අතරතුර දී ප්‍රේක්ෂකයෙකුගේ ප්‍රහාරයට ලක් වන්නට ජස්ටින්ට සිදු වුෙය් සිය ගණනක් ආරක්ෂක නිළධාරීන්ගේ රැකවරණය මධ්‍යයේ දීයි. ප්‍රසංගය අතරතුරේ දී එක් වරම වේදිකාව මතට ගොඩ වැදුණු පුද්ගලයෙක් ජස්ට්න්ට පහර එල්ලකරන්නට පටන් ගත්තා. ඒ වෙලාවේම ආරක්ෂක නිළධාරීන් ක්‍රියාත්මක වුනත් ඒ වන විටත් ජස්ටන්ට පහර කිහිපයක් වැදිලා. ඒ අතරේම ඔහුගේ පියානෝවත් බිමට පතිත වුනා. සිදුවීම දුටු අයෙක් වාර්තා කලේ එසේය.
මේ පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූවත් කිසියම් අවේගශිලි පුද්ගලයෙකුගේ හුදෙක් කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසුව ජස්ටින් සිය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ මෙසේය.
Dubai. Nothing stops the show. 2 more to go. #BELIEVEtour
— Justin Bieber (@justinbieber) May 6, 2013
Written by Cinema.lk