අම්මෝ! පත්තෑයෙක්…

Avatar Cinema.lk A | May 3, 2013 103 Views 0 Likes 0 Ratings

103 Views 0 Ratings Rate it

ගෙවුණු අවුරුදු මාසේ අපේ තරු රැසක්ම ගොඩාක් කාර්යබහුල වෙලයි හිටියේ.අවුරුදු කාලේට තියෙන ෂූටින් වැඩ වලට අමතරව තියෙන රූපවාහිනි වැඩසටහන් නිසා තමයි හුඟාක් මේ අය කාර්යබහුල වෙලා තියෙන්නේ.ඉතින් වත්සලා දියලගොඩ කියන අපේ සුන්දර යුවතියත් මෙන්න මේ වගේ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුණා.මේ වැඩසටහන රූ ගත කලේ බොල්ගොඩ ගඟේ.මේ වැඩසටහනට වත්සලා වගේම නදීශා හේමමාලි,සුරාජ් මාපා,ධනංජය සිරිවර්ධන,රුවන්ති රත්නායක,සුරේෂ් ගමගේ හා උමයංගනා වික්‍රමසිංහ වැනි සහෝදර ශිල්පීන් රැසක්ම එක් වෙලා හිටියා.

දැන් මේ වැඩසටහන කරගෙන යන අතරතුරේ වත්සලා වාඩිවෙලා හිටපු පැත්තට පුංචි පත්තෑ පැටියෙක් ඇවිත් තියෙනවා.කොහොමින් කොහොම මේ පත්තෑ පැටියා එතනින් යන එක වත්සලා නෙත ගැටිලා තියෙනවා.මේ පුංචි සතාව දැක්ක විතරයි වත්සලා එතන දෙවනත් වෙන්න කෑ ගහලා තියෙනවා.එතන හිටපු හුඟ දෙනෙක් වත්සලාගේ කෑ ගැහිල්ලට හුඟාක් බයවෙලත් තියෙනවා.අන්තීමේදී ඒ සතාව එලවනකම් ඇය රූ ගත කිරීමට සහභාගී වී නැ.

Share

103 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.