ලොව කුඩාම චිත්‍රපටය – Watch now

Avatar Cinema.lk A | May 2, 2013 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

IBM නව නිපැයුම් අංශයේ විද්‍වතුන් පිරිසක් විසින් පසුගිය බදාදා දින එලිදක්වපු “ලෝකයේ කුඩාම චිත්‍රපටය(the world’s smallest movie) වන මෙය පරමාණු වල චලන භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි.එසේ පරමාණු වල චලනයන් යොදා ඒවා මිලියන සිය ගුනයකින් (100 million) විශාලනය කර මෙය රූ ගන්වා ඇත.

“A Boy and His Atom” යනුවෙන් නම් වන මෙය “Atom” කියනා චරිතය තනි පරමාණුවක් සමග මිත්‍රව නටමින් සෙල්ලම් කරන අයුරු නිරුපණය වේ.මෙමඟින් ඔවුන් පෙන්වා දීමට උත්සහ කරන්නේ ඉලෙක්ට්‍රෝනික දත්ත ගබඩා කිරීමක සූක්ෂමතාවයයි.
මේක නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන්නේ එම සමාගමේම නව නිපැයුම් කරුවන් විසින් නිර්මාණය කොට ඇති scanning tunneling microscope යන උපකරණයයි. එම උපකරණය සඳහා ඔවුනට නොබෙල් සම්මානයද ලැබී ඇති බව කියවෙයි.

තඹ මතුපිටක් මත පරමාණු ඉතාමත්ම තියුනු needle භාවිතා කරමින් එහා මෙහා චලනය කර, අන්වික්ෂයකින් රූප ගත කිරිම් සිදුකර තිබේ.

පහතින් ඇත්තේ එය නිර්මාණය වු හැටි අඩංගු වන වීඩියෝවකි.

Share

76 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.