Let There Be Light ප්‍රදර්ශනය කොළඹදී
Let There Be Light ” නමින් විවිධ මාදිලියේ කලාකෘති සහිත ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට සුදානම්. ජුලි 14 සිට 15 දක්වා ලයනල් වෙන්ඩි කලාගාරයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ප්‍රදර්ශනය උදෑසන 9.00 සිට සවස 7.00 දක්වා මෙම ප්‍රදර්ශනය සංවිධාන කෙරෙනවා. ප්‍රදර්ශනයේ මුලිකත්වය Chandrika Maelge කලාකාරිනියගේ කලා නිර්මාණ වලට හිමිවෙනවා. එමෙන්ම Aamina Nizar ගේ Photos exhibition, Chandrika Maelge කලාකාරිනියගේ සිතුවම්, Hilusha Hewagama ගේ Arise වීඩියෝ කලාකෘතිය, Kesara Ratnavibhushana ගේ ජායාරූප, Nuzaifa Hussain ගේ කලාත්මක රචනා ආදී කලාකෘති මෙම ප්‍රදර්ශනයට ඇතුළත්. ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘත වනවා. වෙනස් ආකාරයක කලාකෘති රසවිඳීමට අවස්ථාවක් හිමිවන මෙම ප්‍රදර්ශනය සඳහා සම්බන්ධ වීමට ඔබ සැමට ඇරියුම් කෙරෙනවා.
Written by Nisanka Weheraduwa