අපි දෙන්නා හෝටලයට ගියේ වෙන වැඩකට – මේනක නෙහාරා

Avatar Cinema.lk A | January 30, 2013 79 Views 0 Likes 0 Ratings

79 Views 0 Ratings Rate it

මේ දවස් වල වැඩි පුරම කතා බහ වෙන චරිත අතරින් මේනක – නෙහාරා යුවළට හිමිවන්නේ සුවිශේෂී තැනක්.මේ වන විට කලා ලෝකයේ හිනි පෙත්තටම නැග ඉන්න මේ දෙන්නාගේ ආදර පලහිලව්ව දැන් රටම දන්න ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙලා.මෙහෙම මේ දෙන්නාගේ සැගවුණු ප්‍රේමය ගැන මුළු රටම දැන ගනිද්දී මීළඟට තිබුණු ප්‍රශ්ණය තමයි කවද්ද මේ දෙන්නා විවාහ වෙන්නේ කියන එකයි.ඔවුන් දෙන්නට ආදරය කරන බොහෝ දෙනා මේ කාරණය පිළිබඳව සොයන්න පටන් ගත්තේ ඉස්පාසුවක් නැතුවයි.මේ උණුසුම තිබෙන මේ වකවානුව තුළ සමහර වෙබ් අඩවිද ඔවුන් පිළිබඳ පල කල පුවත් වලද සදහන් කළේ ඔවුන් දෙදෙනා හොර රහසේම විවාහ වී ඇති බවයි.

දිගින් දිගටම මේ ආකාරයේ පුවත් මාධ්‍ය හරහා පළවෙද්දී මේ කාරණයේ ඇත්ත තතු ගැන මේනක දක්වා හිටියේ මෙවැනි අදහසක්.

“ඇත්තමට අපි දෙන්නා විවාහ ගිවිසගෙන ඇති බවට පැතිරී යන කතා අමූලික බොරුවක්.අපි පෙම්වතුන් බව ඇත්ත.ඒත් අපි එහෙම විවාහ ගිවිසගත්තේ නෑ.ඒ වුනාට පෙම්වතුන් විදියට හැමදාම මෙහෙම ඉන්නත් බෑ නේ.කවදාහරි විවාහ වෙන්නත් එපැයි.හැබැයි අපි විවාහ වුනොත් විවාහ වෙන්නේ ඔය කියන විදියට හොර රහසේ නම් නෙවෙයි.හැමෝටම කියලා“

මේනක කියන විදියට නම් මේ බොරු ආරංචි පැතිරිලා තියෙන්නේ නෙහාරත් ඔහුත් තමන්ගේ මැණියන්ගේ උපන් දින සාදය පැවැත්වීම සදහා හෝටල් බැලීමට ගිය නිසාවෙන් සමහර මාධ්‍ය ඒ පිළිබඳව වැරදී වැටහීමක් ඇති කරගෙන අසත්‍ය අයුරින් පුවත් වාර්තා කර ඇති නිසාවෙන් බවයි.මේ කරුණු කාරණා කොහොම වුනත් මේ දෙන්නාගේ කලා කටයුතු වලට වගේම ඔවුන්ගේ අලුත් ජිවිතයට අපි සුබ පතන්නේ හද පිරි සතුටකිනි.

Nehara- Gossip9- (1) Nehara- Gossip9- (5) Nehara- Gossip9- (9) Nehara2 Nehara-and-Menaka-111 nehara-menaka nehara-menaka-10 Nehara-Menaka-in-America-e1327628561547 nehara-menka-18 Nehara And Menaka in New York (12) 05 Menaka-and-Nehara-couple

Share

79 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.