බිපාෂාට අමුතුම එකක්

Avatar Cinema.lk A | January 29, 2013 142 Views 0 Likes 0 Ratings

142 Views 0 Ratings Rate it

ඉන්දියාවේ සිටින සරාගී නිළියන් අතරින් තවමත් ඉහළින්ම වැජඹෙන නිළියක් තමයි බිපාෂා බාසු කියන්නේ.වෙනත් නිළියන් හා බලද්දී ඇය සතුව පවතින මේ සරාගී පෙනුම නිසා බොලිවුඩ් සිනමා පටයන් සඳහා ඇයට තියෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්.ඒත් දිගින් දිගිටම සරාගී දර්ශන ඇතුළත් චිත්‍රපට වලම රඟපෑ නිසාවෙන් ඇය පසුවන්නේ තරමක කනස්සල්ලෙන්.එත් පසුගිය දා පැවැත්වුණු ඇගේ උපන් දින සාදය අතරතුරේදී ඇයට අපුරු තෑග්ගක් ලැබුණා.ඒ වෙනස්ම මාදිලියේ චිත්‍රපටයක ප්‍රධාන භුමිකාව සඳහා රංගනයෙන් දායකවන්න ට ඇයට ඇරයුම් ලැබුණා.එකම ආරෙක චිත්‍රපටයන් රැසැක් සඳහා තම රංගන දායකත්වය ලබා දුන් බිපාෂා මේ චරිතය සඳහා එක පයින්ම තම කැමැත්ත ප්‍රකාශ කර සිටියා.

 දැවැන්ත නිෂ්පාදනයක් ලෙසින් කරළියට පැමිණීමට නියමිතය ඇති මේ සිනමා පටය විද්‍යාත්මක ප්‍රබන්ධ චිත්‍රපටයක්.මේ ආකාරයෙන් ඉන්දියාව තුළ තැණෙන පළමු  විද්‍යාත්මක ප්‍රබන්ධ චිත්‍රපටය වන මේ නිර්මාණය නම් කරලා තියෙන්නේ Creature යනුවෙන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ සිනමාකරු වික්‍රම් භාට්. නිෂ්පාදනය කරන්නට ඉදිරිපත්ව සිටින්නේ භුෂාන් කුමර්. නිෂ්පාදක භුෂන් කුමාර් පැවසුවේ ‘ක්‍රියේචර්’ චිත්‍රපටයේ රඟපෑමට බිපාෂා එක්වීම ගැන තමන් බෙහෙවින්ම සතුටු වන බවයි.එලෙසම බිපාෂා මේ චරිතය බාරගැන්මෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන්ට මේ සිනමා පටය අමුතුම අත්දැකීමක් වනු ඇති බවයි.1428452Bipasha_Basu_Hot_Photos__from_Raaz_3_(3) bipasa_basu_at_jodi_breakers_audio_launch (9) breezemasti.com bipasha-basu-gallery-images (22) Bipasha-Basu-Hot-Wallpapers-2012 Bipasha-Basu-Hot-Wallpapers-2012-3 Bipasha-Basu-in-Raaz-3---Hot-Photos-1893 Bipasha-Basu-Raaz-3-Movie-Hot-Photos-190 19-bipasha-basu-1354056188

Share

142 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.