ප්‍රවීණ රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ අභාවප‍්‍රාප්ත වෙයි.

Avatar Cinema.lk | March 17, 2014 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ මහත්මිය රෝගාතුරව ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වුවාය.
වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ජනවාරි මස 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී අනතුරුව ගම්පහ පෞද්ගලික රෝහලකට මාරු වී ඇත.1964 වර්ෂයේදී නවක මඬල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරැඹූ ඇය 1967 වර්ෂයේදී වේදිකා නාට්‍යවලට අවතීර්ණ වූවාය.

මිය යාමට ප්‍රථම ඇය සිය රෝගී තත්වය ගැන සඳහන් කලේ මෙසේයි.

 

[quote]

“2012 වසරේ මගේ ගර්භාෂයේ සැත්කමක් කළා. ඒ සැත්කම කළේ කොළඹ නවලෝක රෝහලෙන්. පසුව මම කලා කටයුතු කරමින් ජීවත් වුණා. ඊට පස්සේ මගේ තුනටියට පහළින් කැක්කුමක් ආවා. මම බාහිරව ප්‍රතිකාර කළා. නමුත් අඩුවක් දැනුණේ නෑ. තුනටියට පහළින් කුද්දටි ඉදිමිලා කියලා මා පරීක්‍ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළා. මම ඒ හැමදේටම ප්‍රතිකාර ලබා ගත්තා.

ඔහොම ඉන්නකොට මට ඇවිදින්න බැරිව ගියා. දැනටත් ඇවිදගෙන යන්න එන්න බෑ. ගොඩක් අමාරුයි. ඊට පස්සේ 11දා කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා මම නතර වුණා. වෛද්‍යවරු පරීක්‍ෂා කර බලා මට ප්‍රතිකාර කරනවා. මගේ ශරීරයේ සීනි අඩුවෙලා, ඒ වගේම ලේ හොඳටම අඩුවෙලා. මට අද ලේ ලබාදෙනවා කියලා කිව්වා. කෑගල්ල මහ රෝහලෙන් ලබාගත්ත ප්‍රතිකාරවලට ගොඩක් සනීප බව දැනෙනවා. නමුත් මට ශක්තියක් නෑ. නැඟිටලා යන්න එන්න බෑ. වමනේ යනවා, ක්ලාන්තය හැදෙනවා.”

[/quote]

 

Share

69 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.