ෂෝන් කොනරි,අමිතාබ් බච්චන්,ගාමිණී ෆොන්සේකා වීරයන් වු චිත්‍රපටියක්
අපි ඉදිරි දිනවලදී පැමිණෙන්ට තියෙන චිත්‍රපටියක් පිළිබඳව කතා කරන්න හිතුවා.දිනේෂ් ප්‍රියසාද්ගේ කියන්නේ ඉඳිරියේදී තිරගත වීමට ඇති චිත්‍රපට කිහිපයකම නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්.ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වු විනෝදාත්මක චිත්‍රපටියක් තමයි ඔළුව ජපන් කඳ ජර්මන් කියන්නේ.මේ චිත්‍රපටියේ පුර්ව ප්‍රචාරක පටය ඉතාමත් සිත් ගන්නා අයුරින් තැණු එකක්.මේ චිත්‍රපටයේ නිෂ්පාදකයින් එහි වු අලංකාරය රඳවා ගැනිමට අපුරු උපක්‍රමයක් භාවිතා කළා.මේ පුර්ව ප්‍රචාරක පටය නම් තවම අන්තර්ජාලයට මුදා හැරලා නම් නෑ.ඒ හින්දා අපි හිතුවා එහි ලිඛිත පිටපත ඔයාලට පෙන්නන්න.
“සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි, බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සහ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා යොදා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ චිත්‍රපටයක් නොවැළැක්විය හැකි හේතූන් නිසා එසේ නොකර වෙනත් නළුවන් තිදෙනකු යොදා රූගත කළ වග වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ ෂෝන් කොනරිගේ දුරකථනය විසන්ධි කොට තිබීමත්, අමිතාබ්ගෙන් එක දිගට රූපගත කිරීම් යොදා ගැනීමට නොහැකිවීමත් සහ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙලොව හැර ගොස් තිබීමත්ය. එහෙත් මේ වෙනුවට වෙනත් නළුවන් තිදෙනෙකු යොදා එය රූ ගැන්වීම අවසන් කිරීමට සමත් වී තිබේ.
ඒ අනුව ෂෝන් වෙනුවට සංජය ලීලාරත්නත්, අමිතාබ් බච්චන් වෙනුවට මොහාන් හෙට්ටිආරච්චිත්, ගාමිණී ෆොන්සේකා වෙනුවට ටෙනිසන් කුරේත් ආදේශ කොට රූගන්වා ඇති මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ඔළුව ජපන් කඳ ජර්මන් යනුවෙනි. දිනේෂ් ප්‍රියසාද් එහි අධ්‍යක්ෂවරයා වෙයි.“
Written by Cinema.lk A
