එක පාරට චිත්‍රපට 6ක් හයක් හදන නිෂ්පාදකවරයා

Avatar Cinema.lk A | April 2, 2015 248 Views 0 Likes 0 Ratings

248 Views 0 Ratings Rate it

ඇතැමුන් අපේ සිනමා ක්ෂේත්‍රය දකින්නේ බංකොලොත් වු ව්‍යාපාරයක් ලෙසයි.නිෂ්පාදකවරයෙක් මලාට හොයා ගන්න අමාරු අපේ සිනමාකර්මාන්තය තුළ ඇතමුන් මුදල් වියපැහැදම් කරන්නේ තියෙනා පික්චර් පිස්සුවටම විය හැකියි.බේතකටත් නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරි කාලෙක එක හොඳ මහත්මයෙක් සිනමා නිර්මාණ එකක් නෙවෙයි හයක් සඳහා බරපැන දරන්න සුදානමින් ඉන්නවා.වාර්තා පොත් අතරට ගිය මේ වැඩේ කරන මහත්මයා නමින් ජගත් කුමාර වතියගේ.ජගත් මේ සිනමා නිර්මාණ හය කරන්නේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු සුගත් සමරකෝන් සමඟ එක්වයි.මෙහි පළමු වැන්න “අපේ කාලයේ පටාචාරා“වේ.මේ වන විට එහි වැඩකටයුතු ආරම්භ කර ඇති අතර සෙසු නිර්මාණ,‘තෛ‍්‍රයිලෝක පත්‍රම්, කුවේණිගේ දරුවෝ, අන්ධ සුන්දරී, මහා වංශයෙන් එහා වංශයේ මහා රාවණා, ජුදාස්ට එරෙහ්ව ජුදාස්, සහ “බාල දක්‍ෂයෝ’ ලෙස නම් කරල තියෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ තමාගේම ව්‍යාපාරයකට හිමිකම් කියමින් ජීවත්වන ජගත් මාතර තල්පාවිල උපත ලද්දෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබද්දී සිනමා ලෝලියකු වන ඔහු කලක් හමුදා නිලධාරියකු ලෙස ක්‍රියාන්විතයේද සේවය කලේය

දුලානි අනුරාධා,සාරංග දිසාසේකර ප්‍රධාන චරිත මවන අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ ඡායාරු කිහිපයක්.

Patachara movie (39) Patachara movie (40) Patachara movie (41) Patachara movie (42) Patachara movie (43) Patachara movie (1) Patachara movie (2) Patachara movie (3) Patachara movie (4) Patachara movie (5) Patachara movie (6) Patachara movie (7) Patachara movie (8) Patachara movie (9) Patachara movie (10) Patachara movie (11) Patachara movie (12) Patachara movie (13) Patachara movie (14) Patachara movie (15) Patachara movie (16) Patachara movie (17) Patachara movie (18) Patachara movie (19) Patachara movie (20) Patachara movie (21) Patachara movie (22) Patachara movie (23) Patachara movie (24) Patachara movie (25) Patachara movie (26) Patachara movie (27) Patachara movie (28) Patachara movie (29) Patachara movie (30) Patachara movie (31) Patachara movie (32) Patachara movie (33) Patachara movie (34) Patachara movie (35) Patachara movie (36) Patachara movie (37) Patachara movie (38)

 

Share

248 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.