අපි නොදැක්ක ඉන්දියානුවා දැක්ක ලංකාවේ ලස්සන Bombay Velvet | Official Theatrical Trailer

Avatar Cinema.lk A | March 24, 2015 75 Views 0 Likes 0 Ratings

75 Views 0 Ratings Rate it

අනුරාග් කාශ්‍යප් කියන්නේ ඉන්දියාවේ හයි බජට් සිනමා නිර්මාණ එකක හැප්පුණු ලෝ බජට් සිනමාකාරයෙක්.අනුරාග්ගේ ප්‍රකට සිනමාපටයක් වු “ගැන්ස් ඔෆ් වසීපුර්“ හදද්දී එවකට ඔහුගේ බිරිඳ වු කොචින් “යේ ජවානි යේ දිවානි“ සිනමාපටයේ ගීතයක රූප ගත කිරීමක් සඳහා ප්‍රංශයට ගොස් තියෙනවා.අනුරාග් කියන විදියට,මේ අනුරාග්ගේ  “ගැන්ස් ඔෆ් වසීපුර්“ චිත්‍රපටයේ මුළු බජට් එකට වඩා වැඩි මුදලක් “යේ ජවානි යේ දිවානි“ චිත්‍රපටයේ නිෂ්පාදකයා ප්‍රංශ ගමනට පමණක් වැය කරලා තියෙනවා.අඩු වියදමකින් “ගැන්ස් ඔෆ් වසීපුර්“ තැනුවත් ඒ චිත්‍රපටය අනික් නිර්මාණ වලට පවා දැවැන්ත අභියෝගයක් එල්ල කළා.

මෙච්චර කාලයක් අඩු වියදමකින් චිත්‍රපට තනපු අනුරාග්,පෙරුම් පුරලා පෙරුම් පුරලා හයි බජට් සිනමාපටයක් තනනවා.මේ සිනමාපටය නමින් “බොම්බේ වෙල්වට්“.රන්බීර් සහ අනුෂ්කා ප්‍රධාන චරිත මවන මෙම සිනමාපටයේ හතරෙන් තුනක්ම වාගේ රූ ගැන්වුයේ ශ්‍රී ලංකාවේයි.රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ මේ වෙනුවෙන්ම තැණුනු චිත්‍රගාර පරිසරයක් තුළ නිමැවුණු මේ නිර්මාණයට මෙරට නිර්මාණ ශීල්පීන්ගේ පවා දායකත්වය ලබා ගැණුනා.

ඔන්න දැන් මේ නිර්මාණයේ පුර්වප්‍රචාරක පටය එළියට ඇවිත් තියෙනවා.බලන්න කෝ අපි නොදැක්ක ඉන්දියානුවා දැක්ක ලංකාවේ ලස්සන.

 

 

Share

75 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.