Pirates of the Caribbean 5
Pirates of the Caribbean චිත්‍රපට මාලාව කියන්නේ ලොකු කුඩා කාගේත් අවධානය දිනා ගත් ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වු චිත්‍රපටයන් පෙලක්.මුහුදු මංකොල්ලකරුවන්ගේ ජිවිතය වටා ගොඩනැගී ඇති මේ සිනමා පටය බෙහෙවින්ම ජනප්‍රිය වීමට ඉවහල් වු කරුණ වුයේ ජැක් ස්පැරෝ නම් කපිතාන්ගේ අපුරු රංගනයයි.සියලු දෙනාවම මේ සිනමා පටය වෙතටම ආකර්ශණය කර ගැන්මට සමත් වු මෙම චරිතයට පණ පොවන ලද්දේ ජොනී ඩෙප් නම් අසාහය රංගන ශිල්පියා විසිනි.මේ චිත්‍රපටයේ පළමු චිත්‍රපටය තුළින් ඔහුගේ රංගනය මිනිසුන්ට කොතරම් කා වැදුනාද කියතොත් සෙසු චිත්‍රපටයන් බැලීමට රසික පිරිස් පැමිණියේ ජොනී මේ චිත්‍රපටයේ ද ඉන්නවාදැයි අසමිනි.මේ චිත්‍රපට මාලාවේ දෙවැන්න,තෙවැන්න හා සිව්වැන්න හරහා කපිතාන් ජැක් ස්පැරෝගේ රංගනයන් දැක බලා ගන්නට අවකාශය ලැබුණත් අවසාන චිත්‍රපටය සඳහා ඔහුගේ දායකත්වය ගැන තිබුණේ තරමක අවිශ්වාසයක්.
එනමුත් මේ චිත්‍රපට මාලාවේ නිෂ්පාදන සමාගම වු වොල්ට්ස් ඩිස්නි සමාගම පසුගිය පළ කර දැන්වීම් නිසා Pirates of the Caribbean රසිකයන් නැවතත් සතුටින් පිනා ගියා.2015 වර්ෂයේ ජූලි මස 10 වන දින Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පස්වැන්න තිරගත කිරිමට සැලසුම් කර ඇති බවට ඔවුන් ප්‍රකාශ කළා.එමෙන්ම මේ චිත්‍රපටයෙන් ද කපිතාන් ජැක් ස්පැරෝ ලෙස ජොනී ඩෙප් පෙනි සිටිනු ඇති බවටයි ඩිස්නි සමාගම ප්‍රකාශ කර සිටියේ.හැබැයි මේ චිත්‍රපටය සඳහා තවමත් සෙසු නළු නිළියක් කවුරුන් ද වග නිශ්චිතවම තීරණය කර නෑ.මේ චිත්‍රපටයද අධ්‍යක්ෂණය සඳහා සිව්වැනි කතාවේ අධ්‍යක්ෂකවරයා වු Rob Marshall ව තෝරාගැනීමට තිරණය කර ඇති මුත් තවමත් ඒ සම්බන්ධයෙන්ද කිසිම නිශ්චිත පිළිතුරක් ඩිස්නි සමාගම ප්‍රකාශයට පත් කරලා නෑ.මේ චිත්‍රපටය කවුරුන් අධ්‍යක්ෂණය කලත් කවුරුන් රංගනයේ නරත වුවත් ජොනී ඩෙප්ගේ රංගනය නිසාවෙන් මෙයද නිසැක වශයෙන්ම තවත් සුපිරි චිත්‍රපටයක් වනු ඇති බවට හුඟාක් පිරිස් දැනටමත් මත පල කර අවසන්..
Written by Cinema.lk A