ඊබට් විජේසිංහයන් අභාවප‍්‍රාප්ත වේ

Avatar Cinema.lk A | January 28, 2013 81 Views 0 Likes 0 Ratings

81 Views 0 Ratings Rate it

ප‍්‍රවීණ වේශ නිරූපන ශිල්පී ඊබට් විජේසිංහ මහතා 27 වන ඉරුදින අලුයමදී සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු 70 වියේ පසු වු ඒ මහතා ශ්‍රී‍්‍ර ලාංකේය සිනමාවේ අග‍්‍රගන්‍ය වේශනිරූපන ශිල්පියෙකු ලෙස දිගුකාලයක් සිංහල සිනමාවට ඉමහත් සේවයක් ඉටු කළේය.

ගැටවරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඊබට් සෙරන්ඩිප් සමාගමේ සියලු අංශයන්හි පුහුණුව ලැබ වේෂ නිරුපණ ශිල්පියෙකු ලෙස කිර්තියට පාත්‍ර විය.

චිත‍්‍රපට විස්සකට අධික සංඛ්‍යාවකට වේශ නිරූපන දායකත්වය ලබාදී ඇති ඔහු චිත‍්‍රපටවලට අමතරව ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රැසක වේශ නිරූපන ශිල්පියෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. ඒ සඳහා අවස්ථා තුනකදී ජනාධිපති සම්මානය හිමිකරගැනීමටද ඔහුට හැකිවිය. පරිත්‍යාගය, බැද්දේගම සහ සුරබිදෙන චිත‍්‍රපට වෙනුවෙන් ඊබට් විජේසිංහ මහතාට ජනාධිපති සම්මාන ලැබී තිබේ. චිත‍්‍රපට හයකට ඔහු රංගන දායකත්වයද ලබාදී ඇත.

ජනාධිපති, සරසවිය, OCIC සම්මාන සියල්ලන්ගෙන්ම පිදුම් ලද ඊබට් දේශිය සිනමා කාර්මික ශිල්පින්ගේ සංගමයේ නිර්මාතෘවරයාද වෙයි.

Share

81 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.