පී.කේ හි අමීර්ට චරිත නවයක්
අමීර් කාන් කියන්නේ තරුවක් වුනාට තරුවක් වෙන්න වැඩිය දඟලන්නේ නැති නළුවෙක්.ඔහු වැඩිය සිනමාපට වල රඟනොපැවත් ඉඳලා හිටලා රඟපාන එක ගැන නම් ආයි කතා කරලා වැඩක් නැ.මේ සැරේ අමීර් එන්නේ p.k සිනමාපටය හරහායි.මේ සිනමාපටය මේ වන විට ඉන්දියාවේ තිරගත වන්නට මත්තෙන් මහත් ආන්දෝලනයක් ඇති කරපු සිනමාපටයක්.ඒ මොකද මෙහි පළමු පුර්වප්‍රචාරක දැන්වීමටම අමීර් නිරුවතින් පෙනි ඉදලා මෙහි උන්මාදය දෙගුණ තෙගුණ කළා.2012 වසරේ දී රූ ගත කිරීම් ඇරඹී මෙම සිනමාපටයේ අමීර් නිරුපණය කරන චරිතය ගැන තවමත් හරි හැටි නිගමනය කිරීමට පවා අමාරුයි.ආරංචි වෙන විදියට ඔහු මේ සිනමාපටයේ චරිත නවයක් නිරුපණය කරනවා
එහි එන එක් චරිතයක් නිරූපණය කිරීමේදී ඔහු බුලත් විට සියයක් දිනකට කෑමට ගෙන තිබේ.
සැබෑ ජීවිතයේදී පුරුද්දක් ලෙසින් බුලත් විට කෑමට නොගන්නා ඔහු සිනමාපටයේ සෑම දර්ශනයකදීම බුලත් විට සපා ඇත. දර්ශන තලයේ බුලත් විට කරුවකු නිරන්තරයෙන්ම රඳවා ගැනීමට අධ්‍යක්ෂවරයා වග බලාගෙන තිබේ.
ප්‍රසිද්ධියේ සුළු දිය පිට කරන, සිඟන්නන්ගෙනුත් සොරකම් කරන දර්ශන ඇතුළත් මෙය විසි පස් වසරක වෘත්තීය ජීවිතයේ දුෂ්කර ක්‍රියාව ලෙස අමීර් හඳුන්වයි. සිනමාපටයේ ඔහු ඇසිපිය ගසන දර්ශන ද අවමය. අනුෂ්කා ෂර්මාගේ දෑස් දෙස බලා සිටින විට එය අසීරු කටයුත්තක් නොවන බව අමීර් විහිළුවට මෙන් පවසා තිබේ.
Written by Cinema.lk A
